Jump to content

විපක්ෂ නායක (ශ්‍රී ලංකාව)

විකිපීඩියා වෙතින්


ශ්‍රී ලංකාවේ විපක්ෂ නායක යනු එරට පාර්ලිමේන්තුවේ විපක්ෂයට නායකත්වය සපයන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාය. පාර්ලිමේන්තුව තුල මහජනයා නියෝජනය කරන මුත් ආණ්ඩුව හා එක්ව නොමැති විශාලතම පක්ෂයෙහි නායකයා වන මොහු, සාමාන්‍ය වශයෙන් පාර්ලිමේන්තුව තුල දෙවන විශාලතම පක්ෂයෙහි නායකයාය.

වත්මන් විපක්ෂ නායක වන්නේ එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහයන්ය.

ශ්‍රී ලංකාවේ විපක්ෂ නායක

ජනාධිපති ලෙසින් හෝ අග්‍රාමාත්‍යය ලෙසින් හෝ සේවය කලවුන් ඇලකුරු වලින් දක්වා ඇත.

පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක (නියෝජිත මන්ත්‍රී මණ්ඩලය) (1947 - 1972)

ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා ලංකා සම සමාජ පක්ෂය 1947-1952
එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 1952-1956
ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා ලංකා සම සමාජ පක්ෂය 1956-1959
සී. පී. ද සිල්වා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 1960
ඩඩ්ලි සේනානායක එක්සත් ජාතික පක්ෂය 1960-1964
සිරිමාවෝ බණ්ඩාරනායක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 1965-1970
ජේ. ආර්. ජයවර්ධන එක්සත් ජාතික පක්ෂය 1970-1972