Jump to content

සාකච්ඡාව:මෛත්‍රි බුදුන් වහන්සෙ

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

පැරණි සාකච්ඡා[සංස්කරණය]

I am responsible for editing this page. Thanks. Thanuka99 (talk) 07:21, 1 දෙසැම්බර් 2023 (යූටීසී)[reply]
ලිපිය තුළ ගොඩක් තොරතුරු අඩංගු බව පෙනෙනවා. තොරතුරු ගත්ත තැන් ගැනත් සඳහනක් කරන්න පුළුවන් නම්, විකිපීඩියා ලිපියක් හැටියට වටිනාකම වැඩි කර ගන්න පුළුවන්. -- Lee (talk) 03:16, 2 දෙසැම්බර් 2023 (යූටීසී)[reply]
මුලාශ්‍ර සහා සබැදුම් කියලා කොටසක් මම වෙන් කරනු ලැබුවා. සමස්ත බුදු දහමේ කරුණු එක තැනකට ගොණු කිරිම අපහසු කර්ථව්‍යක්, හෙතුව බුදු දහමේ තිබෙන ගැබුරු බව එසෙ මෙසෙ කෙනෙකුට විග්‍රහා කරන්න බෑ, පුලුල් විශය ප්ථයක් නිසා, මෛත්‍රි බොදිසත්වයාණන් වහන්සේ පිලිබදව, මෛත්‍රි බුදුන් වහන්සේ පිලිබදව සොයාගත් තොරතුරු, සහා ත්‍රිපිටක, සද්ධර්මාලංකාර,...සහා මැත කාලයේ දේශනා අරඹයා සකස් වුණු කාරණා මා ගෙන හැර දැක්වුවා..එය මිනිසුන් හට බොහො උපකාරි වෙවි ලෙස සිතේ. Thanuka99 (talk) 12:01, 3 දෙසැම්බර් 2023 (යූටීසී)[reply]
අනිවාර්යයෙන් ම දැනුම ඇති අය, ඒවා අනෙක් අය හා බෙදා ගැනීම කළ යුතුමයි. ඔබේ උත්සාහයට බොහොම පිං! -- Lee (talk) 13:44, 3 දෙසැම්බර් 2023 (යූටීසී)[reply]
බොහොම ස්තුතී ලී. අනෙකවාරයක් ස්තූතී. Thanuka99 (talk) 15:09, 1 ජූලි 2024 (යූටීසී)[reply]
මෛත්‍රි බුදුන් වහන්සෙ යන නාමය ගූගල් සෙවිම් ප්‍රභෙදයෙන් ඉවත් වී ඇත, මෙකට හෙතුව මා හිතන්නෙ ප්‍රධාන පිටුව වෙනස් විම නිසා බවයි. ලී මා මෙයට පිලිතුරක් බලා පොරොත්තු වෙමි. Thanuka99 (talk) 19:45, 2 ජූලි 2024 (යූටීසී)[reply]
@Lee මෛත්‍රි බුදුන් වහන්සෙ යන නාමය ගූගල් සෙවිම් ප්‍රභෙදයෙන් ඉවත් වී ඇත, මෙකට හෙතුව මා හිතන්නෙ ප්‍රධාන පිටුව වෙනස් විම නිසා බවයි. ලී මා මෙයට පිලිතුරක් බලා පොරොත්තු වෙමි. Thanuka99 (talk) 19:45, 2 ජූලි 2024 (යූටීසී)[reply]
ලී බලන්න අයේ අරයා සංස්කරණය කරනවනේ , එයාගෙ පිටුව සංස්කරණය කරගන්න කියන්නකො. Thanuka99 (talk) 15:31, 1 ජූලි 2024 (යූටීසී)[reply]

කරුණු යාවත්කාලින කිරිම[සංස්කරණය]

@Lee මෙහි මෙතෙක් තිබුණු කරුණු එක් ආගමික නිකායකට පමණක් දෘෂ්ටිගත වන අතර පුද්ගලික විශ්වාසද එයට එකතු කර තිබෙන බව පැහැදිලිව පෙනී ගියා. එමෙන්ම එම කරුණු සනාථ කළ හැකි කිසිදු මූලාශ්‍රයක් ද සඳහන් කර තිබුණේ නැහැ. එමෙන්ම මෛත්‍රී බෝධිසත්වයන් යනු ථේරවාද බුදුදහමට පමණක් සම්බන්ධ අයෙකු නොවේ. වෙනත් බෞද්ධ නිකායන් තුළද වන්දනා කරනු ලබනවා. ඒ නිසා සම්පූර්ණ බුදු දහම කියන පොදු විෂයට අදාළ වන පරිදි නියමිත මූලාශ්‍රයන් සඳහන් කරමින් මම නැවත ලිපියට කරුණු එකතු කරා. එමෙන්ම මෛත්‍රී යනු ප්‍රචලිත බෝධිසත්ව සංකල්පයක් වන නිසා මෛත්‍රී බුදුන් වෙනුවට මෛත්‍රී බෝධිසත්ව යන නම ලෙස වෙනස් කිරීම ඉතා සුදුසු බව මම සිතනවා. බුදුදහමට අනුවත් ඔහු තවමත් බෝධසත්ත්වයෙකි. මහායාන සම්ප්‍රදාය තුළ බෝධිසත්වයෙක් ලෙස ඔහුව වන්දනාමාන කරයි. නමුත් මා නියමිතව යෙදූ සංස්කරණයන් නැවත ඉවත් කිරීම සිදු කරනවා. ඒ පිළිබඳව මඳක් සොයා බලන මෙන් ඉල්ලා සිටිනවා ස්තුතියි. Mili977 (talk) 11:25, 1 ජූලි 2024 (යූටීසී)[reply]

@Thanuka99 විකිපීඩියා යනු විශ්වකෝෂයක් මිස බුදු දහම හෝ අන් කිසිදු ආගමික මතවාදයක් ප්‍රවර්ධනය කරන තැනක් නොවේ. මෙහි සඳහන් කරන සෑම කරුණක්ම මධ්‍යස්ථ දෘෂ්ටියකින් තිබිය යුතු අතර සෑම කරුණකටම මූලාශ්‍ර අවශ්‍ය වේ. විකිපීඩියා ඔස්සේ බොහෝ පරිශීලකයන් දැනුම ලබාගනි. මෙය විශ්වකෝෂයක් නමුත් සිංහල විකිපිඩියාවේ බොහෝ පිටු වල ඇති කරුණු මූලාශ්‍ර රහිත හිතලු. මේ කාරණාව නිසාම සිංහල විකිපීඩියා වල ගුණාත්මක බව අඩු වී ඇත. ඒ නිසා කඩකප්පල්කාරි සංශෝධනයන් සිදු නොකරන්න. ඔබ කරුණු දක්වන්නේ නම් අදාල මූලාශ්‍ර සඳහන් කරන්න. Mili977 (talk) 11:45, 1 ජූලි 2024 (යූටීසී)[reply]
ඔබ ගෙනා මිත්‍යාමතවලට වඩා මගෙ කරුණු යාවත්කාලිණ වන අතර ඔබට ඒ පිලිබදව ගවෙශනයනය පවා කල හැකි.පන්සිය පන්ස් ජාතක කතාවස්තුවෙන් ගෙන එන ලද කතා ඔබ කෙසෙද බොරුයි කියන්නෙ. Thanuka99 (talk) 11:47, 1 ජූලි 2024 (යූටීසී)[reply]
කෙනෙකුට අවශ්‍යනම් මෛත්‍රි බුදුන් වහන්සෙ ගැන පවා සියලුම විස්තර අද වර්තමාණයේ පවතින්නා වූ සියලුම තොරතුරු මම සදහන් කර ඇත. ඔබ සදහන් කරන කාරනා සියලුම දෙවල් මහායානික සම්ප්‍රදායට අදාල අවිශ්වාසයන් ඉදිරිපත් කරයි. එයින් ඔබට සිදුවන්නේ මහා අකුසලයක් බවත්..මිත්‍යාව පැතිරවීමෙන් සිදුවන්නේ දරුණු අකුසලයක් බව දැනගන්න සෙක්වා...අමිතාභ සුත්‍රය මහායානික සුත්‍රය්ක් බවත්, ඔබ ප්‍රකාශ කරන කිසිදු දෙයක් අඩුම තරමින් රහතන් වහන්සෙ කෙනෙකු හො බුදුවරයෙකු හො පසෙ බුදුවරෙකු හොසදහන් නොකරපු කාරණය. අපේ ශ්‍රි ලාංකිය ඉතිහසය පොත පතින් පමණක් ලඟා කරගත් දෙයක් නොවෙය. මෛත්‍රී බුදුන් වහන්සෙ ගැන ඔබ අබමල් රෙණුවක් වත් නොදනි. ඔබ විශ්වස කරන්නෙහ් නැහ කියා ඔබ ගෙන්වන ලද මෛත්‍රී බුදුන් වහන්සෙගෙ කාරණ සම්පුර්ණයෙන්ම වැරදිය. අසත්‍ය..ඔබ කරන්නෙ උන්වහන්සෙට අපහසයකි Thanuka99 (talk) 11:56, 1 ජූලි 2024 (යූටීසී)[reply]
@Thanuka99 මා ඔබට නැවතත් කියනවා විකිපීඩියාව යනු ආගමික මතවාද ප්‍රචාරණය කරන තැනක් නොවේ. ඔබ කරන කඩාකප්පල් කාරි සංශෝධනයන් නිසා පරිශීලකයන්ට මූලාශ්‍ර සහිත නිවැරදි කරුණු සිංහලෙන් කියවීමට ඇති හැකියාව නැති වෙනවා. රහත් බව, ආධ්‍යත්මයෙන් දැක්කා යැයි පවසමින් කරුණු දැක්වීම් පිළිගත නොහැකි. ඒවා ආගමික සංකල්ප පමණි. පාරබෞතික කරුණු ගුණාත්මක මූලාසශ්‍ර නොවේ. ත්‍රිපිටකය යනු ප්‍රාථමික මූලාශ්‍රයක්. ඔබ කරුණු දක්වනවානම් ප්‍රාථමික මූලාශ්‍ර නොව ද්වීතීය මූලාශ්‍ර දක්වන්න. උපුටා ගත් ස්ථානය, කතුවරයා, පිටු අංකය ආදිය දක්වන්න. ඔබගේ ලිපියේ ප්‍රාථමික හෝ ද්විතීය කිසිදු මූලාශ්‍රයක් උපුටා නොදක්වයි කරුණාකර විකිපීඩියා මාර්ගෝපදේශ යලි පරිශීලනය කරන්න ස්තූති. Mili977 (talk) 12:08, 1 ජූලි 2024 (යූටීසී)[reply]
@Lee මෛත්‍රී බෝධිසත්ව යනු පුළුල් මාතෘකාවක් වන නිසා තව බොහෝ කරුණු එකතු කිරීමට මට තිබෙනවා මුලාශ්‍ර සමග, නමුත් මේ මූලාශ්‍ර රහිතව සිදු කරන කඩාකප්පල්කාරි සංශෝධනයන් නිසා එයා කිරිමට අපහසුයි. කිසිම හේතුවක් නොදක්වා මා දමන කරුණු ඉවත් කරනවා. ක්‍රියාමාර්ගයක් ගන්නා මෙන් ඉල්ලා සිටිමි. සතූති. Mili977 (talk) 12:10, 1 ජූලි 2024 (යූටීසී)[reply]
ඔබට මා නැවතත් කියනවා ආගමික කාරණා ඔබයි ප්‍රවර්ධනය කරන්නේ, මහායානික අදහස් සිංහල සංස්කෘතියට ගැලපෙන්නෙ නැත. අනෙත් කාරණය නම් මම පිටුව වැඩිදුණු කලා මිසක් මම විසින්ම නෙමෙ මෙය සකස් කර තිබුනේ. ඔබ සියලුම කාරණා වෙනස් කරමින් මහායාන සංකල්ප මෛත්‍රි බුදුන් හො මෛත්‍රි බොසතුන් යන සංකල්ප වලට ඔබ භාජනය කරයි. එයින් සිදුවන්නේ ඔබටම අයහපතක්. ඔබ කිසිත් වෙනස් කරද..මම ජිවිතේ අති තාක් මෛත්‍රි බුදුන් වහන්සෙගෙ කතා ගෙන එනවා..මොකද මමත් මෛත්‍රි සම්බුද්ද රාජධනියෙ ගෞතම සම්ම සම්බුද්ධ රාජධනියෙ ශ්‍රවක්යෙක් නිස. Thanuka99 (talk) 12:13, 1 ජූලි 2024 (යූටීසී)[reply]
@Thanuka99 විකිපීඩියා යනු විශ්වකෝෂයක් බව ඔබට නොතෙරෙන්නේ ඇයි දැයි මට තෙරෙන්නේ නෑ Mili977 (talk) 12:17, 1 ජූලි 2024 (යූටීසී)[reply]
ඔබේ කරුණු ඉදිරිපත් කිරිම සදහා වෙනම පිටුවක් යොදාගන්න. නැවත මෛත්‍රි බුදුන්වහන්සෙගෙ පිටුවට මෙය ස්ථාපනය කොට තිබුණාවූ කාරනා ස්ථාපනය කරන් තෙක්. ලි ගෙන් පිලිතුරක් ලැබෙන තෙක් ඔබෙ සියලුම කාරණා ඉවත් කරනු ලැබෙ Thanuka99 (talk) 12:20, 1 ජූලි 2024 (යූටීසී)[reply]
@Thanuka99 එක මාතෘකාවකට පිටු ගණනාවක් යොදා ගැනීම මාර්ගෝපදේශවලට අනුගත නොවේ. නව සංස්කරණය මූලාශ්‍ර සහිත කරුණු ඇති බැවින්. එය ඉවත් නොකරන්න Mili977 (talk) 12:26, 1 ජූලි 2024 (යූටීසී)[reply]
ඔබ මහායාන අදහස් පවතින එකක් ඔබට යොදා ගත හැකිය. එනමුත් ඔබ කරන්නෙහ් එ වෙනුවට මෛත්‍රි බුදුන් වහන්සෙගෙ පිටුව වෙනස් කිරිමය. එය සාසික අපරාධයක්.මොකද මට පෙර සංස්කරණය කලාවු සියලුම කාරණා ඉවත් කරපු නිසා. එය විකිපිඩියා වල නිති වලට පටහැණිය Thanuka99 (talk) 12:28, 1 ජූලි 2024 (යූටීසී)[reply]
@Thanuka99 ඔබට විකිපීඩියා මාර්ගෝපදේශයන් පිළිබඳව දැනුම අල්ප බව පෙනී යනවා. කිසිදු මූලාශ්‍රයක් උපුටා නොගන්නා කරුණු වල ගුණාත්මක භාවයක් නැත. ඒවා ඉවත් කිරීම නිත්‍යානුකූල වේ. කරුණාකර මාර්ගෝපදේශන මාලාව අධ්‍යනය කරන්න. Mili977 (talk) 12:31, 1 ජූලි 2024 (යූටීසී)[reply]
ඔබයි ඒ පිලිබදව අල්ප බව පෙනි යන්නේ. කිසිදු දැන්වීමකින් තොරව වෙනස් කිරිම විකි පිඩියා සතු නිතිවලට පටහැණි බව පෙනි යනව..එයින් පෙනියන්නේ ඔබ නිති නොසලකා හරිණ බවය. Thanuka99 (talk) 12:33, 1 ජූලි 2024 (යූටීසී)[reply]
@Thanuka99 නියමිත මූලාශ්‍ර ඔස්සේ ලිපි සංශෝධනය කරන විට ඇඩ්මින් වරයෙකු හෝ වෙනත් අයෙකු දැනුවත් කළ යුතු යැයි ‍යනුවෙන් නීතියක් නැත.මෙය නිදහස් විශ්ව කෝෂයක් ඕනෑම පරිශීලකයෙකුට සංස්කරණය කළ හැකියි. නමුත් ගුණාත්මක බව රැක ගැනීමට මූලාශ්‍ර දැක්විය යුතුය. Mili977 (talk) 12:36, 1 ජූලි 2024 (යූටීසී)[reply]
ඔබ විකිපිඩියා නිදහස් ලෙස සදහන් වුවද සමහරක් නිතිරිති පවති, ඒ බව ඔබ නොදන්නා බවයි පසක් වී යන්නේ. කෙසේ නුමුදු ඔබේ වෙනස් කීරීම බුදු දහමට පටහැනිය. එහි මූලාශ්‍ර පවා මෛත්‍රි බුදුන් වහන්සෙ ගැන පිලිගත නොහැකි මූලාශ්‍ර පවති. මෙ නිසා ඔබේ නිහතමානී කම මා විශ්වාස කරයි මා සංස්කරණය කරන ලද පිටුව නැවත තිබුණු අතීතයේ පැවතුනු පිටුව සදහා යොමු කරන්න. Thanuka99 (talk) 12:41, 1 ජූලි 2024 (යූටීසී)[reply]
මෛත්‍රි කියන්නෙ ඔබේ බාප්පාද?ලිපිය ලියා තිබෙන දෙවල් කිසිදු ගරුසරුත්වයකි ලියා නොමැති බව පසක් වෙ. බලන්න එහිද කිසිදු ගරුසරුවක් ලබා දී නොමැත. මීට වඩා මම ඔබට කියන්නෙ නැත. ලී මේ පිලිබදව ඔබට තීරණය දෙමි Thanuka99 (talk) 12:57, 1 ජූලි 2024 (යූටීසී)[reply]
මෛත්‍රි කියන්නෙ ඔබේ බාප්පාද? ලිපිය ලියා තිබෙන දෙවල් කිසිදු ගරුසරුත්වයකි ලියා නොමැති බව පසක් වෙ.බලන්න එහිද කිසිදු ගරුසරුවක් ලබා දී නොමැත. මීට වඩා මම ඔබට කියන්නෙ නැත. ලී මේ පිලිබදව ඔබට තීරණය දෙමි Thanuka99 (talk) 12:57, 1 ජූලි 2024 (යූටීසී)[reply]
ඔබ දෙදෙනා පවසා ඇති කරුණු අනුව මට නම් වැටහෙන්නේ නම් ඔබ දෙදෙනාගේ ලිපි දෙක සංකල්ප දෙකක් බවයි. ඉංග්‍රීසි දැනුම් පද්ධතියේ එසේ විය නොහැකි වුවත්, සිංහල දැනුම් පද්ධතිය තුළ ඒ දෙකටම පැවතිය හැකියි. එකඟ විය හැකි ද? -- Lee (talk) 13:01, 1 ජූලි 2024 (යූටීසී)[reply]
Lee Thanuka99 (talk) 13:12, 1 ජූලි 2024 (යූටීසී)[reply]
hariyatama hari. Dekak... Thanuka99 (talk) 13:13, 1 ජූලි 2024 (යූටීසී)[reply]
Habai lee wenasma katha dekak..prashne ekata thiyennata baha Thanuka99 (talk) 13:14, 1 ජූලි 2024 (යූටීසී)[reply]
අදාළ ලිපිය මොන සංකල්පය ගැන ද කතාකකරන්නේ කියලා හැට් නෝට් එක්ක දාලා අනෙක් සංකල්පය අවශ්‍ය කෙනාට ඒ සඳහා අදාළ පිටුවත් දක්වමු. එතකොට ගැටළුවක් නෑ නේද? -- Lee (talk) 13:22, 1 ජූලි 2024 (යූටීසී)[reply]
@Lee මගේ අදහස මේකයි බුදු දහම කිව්වහම ථේරවාදය මහායානය වජ්‍රයානය කියන ඔය තුනම අයත් වෙනවානේ. මගේ ලිපිය තාම බාගෙට හදලා තියෙන්නේ ඒකෙ වෙන වෙනම ථේරවාදය තුළ මහායානය තුළ වෙනත් සම්ප්‍රදායන් තුළ ආදි වශයෙන් මේ බෝධිසත්වයන් හැඳින්වෙන ආකාරය වෙනම කොටස් කරලා දක්වනවා උපමාතෘකා ඔස්සේ. එතකොට නිකාය බේදයකින් සම්පූර්ණ බුද්ධ ධර්මයේම උන්වහන්සේ හැඳින්වෙන ආකාරයේ ගුණාත්මක සම්පූර්ණ ලිපියක් නිර්මාණය කරගන්න පුළුවන්. ඉංග්‍රීසි වීකිපීඩියාව එහෙමනේ කරන්නේ. අනික මගේ ලිපිය මහායානයට පක්ෂව නැහැ. ඒක පටන් ගන්නකොටම කියන්නේ සෑම නිකායකම උන්වහන්සේ අනාගත බුදුන් බවට පිළිගන්නවා කියලා. ඉස්සරහට හැම නිකායකටම උපමාතෘකාවක් හදලා ඒ නිකායේ පිළිගන්නා ආකාරය සඳහන් වන මූලාශ්‍ර දක්වනවා.
ඒ විදිහට නෙමෙයිද සම්පූර්ණ ලිපියක් හැදෙන්නේ? Mili977 (talk) 13:25, 1 ජූලි 2024 (යූටීසී)[reply]
@Lee මගේ අදහස මෛත්‍රී බෝධිසත්වයන් කිසිදු නිකායකට පක්ෂව සඳහන් නොකට උපමාතෘකා ඔස්සේ විවිධ බෞද්ධ නිකායන් සඳහන් කොට අනෙකුත් ආගම් වලද උන්වහන්සේ වන්දනා කරන ආකාරයත් උප මාතෘකා ඔස්සේ සඳහන් කොට සම්පූර්ණ එක් ලිපියක් නිර්මාණය කිරීම සුදුසුයි නේද? මෛත්‍රී බෝධි සත්වයන් ගැන ඉංග්‍රීසී විකිපීඩියා පිටුවේ තියෙන්නේත් එහෙමයි. Mili977 (talk) 13:27, 1 ජූලි 2024 (යූටීසී)[reply]
සිංහල විශ්වකොශයි ඉංග්‍රිසි විශ්වකොශයි දෙකම එක විය යුතුමද? සිංහල ජාතක කතා තනිකරම වෙනස් මහායාන කතා හා සාපෙක්ශව.ඉතින් මා සිතන්නේ නැ ඔබේ මේ ලිපිය සාධාරණ බව. ලී ඉක්මණින් තීරනයක් ගන්න යනුවෙන් ආරාධනා කරමි Thanuka99 (talk) 13:33, 1 ජූලි 2024 (යූටීසී)[reply]
ශ්‍රි ලංකාවේ බුදුන් බුදුවූ බව කියවෙන මතවාදය වගේ තවත් මතවාද වලින් ලංකාව කන්න බොන්න නැති තත්වයක් යටතෙ ඉන්න අවස්තාවක මෙ මිනිස්සුන්ට මෛත්‍රි බොදිසත්වයො ගැන ඉංග්‍රිසින්ගෙ සහා අනෙකුත් රටවල් වල අදහස් එක් කිරිමෙන් එකම ලිපියකට මිනිස්සුන්ගෙ මනස විකෘත්ති වෙනව. එසෙ එක් කල නොහැකි. උදාහරණයක් හැටියට මහායාන අදහසක් වන්නේ විඤඤය ශරිරයක් සෙ දුවනවා කියන අදහස දෙනව. අපෙ ත්‍රිපිටකයේ විඤඤය අදහස හුස්ම රැල්ල ලෙස අර්ත ගැන්වෙනව. මෙ අදහස් වෙනස්. ඉතින් කොහොමද එකට අදහස් ල්ං කරන්නේ. මත දෙකක් Thanuka99 (talk) 13:50, 1 ජූලි 2024 (යූටීසී)[reply]
අනිත් කාරණය ලී බලන්න පෙර සංස්කරණය කරපු සියලූම වචන ඉවත් කර තිබෙනව මෙ පුද්ගලයා, මම පොඩ්ඩයි ඉවත් කලේ, මම වැඩිපුර කාරණා එකතු කොට එක් කලා මිසක් මහායාණික කාරණා මා ප්‍රතික්ශේප කලා, හෙතුව සිංහල බෞද්ධ සංස්කෘතියට සහා ලාංකික මිනිස්සුන්ගෙ මතවාද වලට හානි වන නිසා. Thanuka99 (talk) 13:44, 1 ජූලි 2024 (යූටීසී)[reply]
@Thanuka99 විශ්වකෝෂයක් හැදෙන්නේ මතවාද අනුවද? විශ්වකෝෂයක් කියන්නේ විශ්වීය දැනුම් ගබඩාවක් අනික මහායාන කරුණු නිසා සිංහල බෞද්ධ සංස්කෘතියට සහා ලාංකික මිනිස්සුන්ගෙ මතවාද වලට හානි වන කතාව ඔයාගේ පුද්ගලික මතයක්නේ. තමන්ගේ පුද්ගලික මත නිසා එහෙම ඔබට අවශ්‍ය පරිදි ගුණාත්මක නොවන සංස්කරණ කරන්න එපා. පුද්ගලික මතවාද නිසා සංස්කරණ විනාශ කරන්න එපා. Mili977 (talk) 13:48, 1 ජූලි 2024 (යූටීසී)[reply]
@Lee මට මේ ලිපිය සම්පූර්ණ කරන්න ඉඩ ලබා දෙන ඉල්ලා සිටිනවා. semi protect කර හෝ මට ඒයට ඉඩ ලබාදෙන්න. සම්පූර්ණ ලිපියෙන් පසු ඔබ තීරණය කරන්න මාගේ ලිපිය ගුණාත්මක නැද්ද කියලා Mili977 (talk) 13:50, 1 ජූලි 2024 (යූටීසී)[reply]
ශ්‍රි ලංකාවේ බුදුන් බුදුවූ බව කියවෙන මතවාදය වගේ තවත් මතවාද වලින් ලංකාව කන්න බොන්න නැති තත්වයක් යටතෙ ඉන්න අවස්තාවක මෙ මිනිස්සුන්ට මෛත්‍රි බොදිසත්වයො ගැන ඉංග්‍රිසින්ගෙ සහා අනෙකුත් රටවල් වල අදහස් එක් කිරිමෙන් එකම ලිපියකට මිනිස්සුන්ගෙ මනස විකෘත්ති වෙනව. එසෙ එක් කල නොහැකි. උදාහරණයක් හැටියට මහායාන අදහසක් වන්නේ විඤඤය ශරිරයක් සෙ දුවනවා කියන අදහස දෙනව. අපෙ ත්‍රිපිටකයේ විඤඤය අදහස හුස්ම රැල්ල ලෙස අර්ත ගැන්වෙනව. මෙ අදහස් වෙනස්. ඉතින් කොහොමද එකට අදහස් ල්ං කරන්නේ. මත දෙකක් Thanuka99 (talk) 13:50, 1 ජූලි 2024 (යූටීසී)[reply]
දැන් ඔයාමනේ නිදහස් විශ්ව කොශය කියන්නේ.මමද මෙක වෙනස් කලේ මුලින්ම ඔයානේ. ඉතින් ඔයාට පුලුවන් ඔයාගෙ අදහස් දාලා තව මෛත්‍රි බුදුන් වහන්සෙගෙ මහයාන අදහස් ලේස වෙනම ලිපියක් කරන්න. මට තෙරෙන්නේ නැත්තේ ඇයි ඔයා මේ මෛත්‍රි බුඩ්බුන් වහන්සෙගෙම ලිපිය ඉල්ලන්නෙ. ඔයාට ඔනෙ නම් දෙන්නම්. පොඩ්ඩම් ඉන්න ලී ගෙ උත්තරය ලබා දෙනකම්. එතකන් ඉවසන් ඉන්න. Thanuka99 (talk) 13:54, 1 ජූලි 2024 (යූටීසී)[reply]
දැන් ඔයාමනේ නිදහස් විශ්ව කොශය කියන්නේ.මමද මෙක වෙනස් කලේ මුලින්ම ඔයානේ. ඉතින් ඔයාට පුලුවන් ඔයාගෙ අදහස් දාලා තව මෛත්‍රි බුදුන් වහන්සෙගෙ මහයාන අදහස් ලේස වෙනම ලිපියක් කරන්න. මට තෙරෙන්නේ නැත්තේ ඇයි ඔයා මේ මෛත්‍රි බුඩ්බුන් වහන්සෙගෙම ලිපිය ඉල්ලන්නෙ. ඔයාට ඔනෙ නම් දෙන්නම්. පොඩ්ඩම් ඉන්න ලී ගෙ උත්තරය ලබා දෙනකම්. එතකන් ඉවසන් ඉන්න. Thanuka99 (talk) 13:54, 1 ජූලි 2024 (යූටීසී)[reply]
ලිපි දෙකට ගැලපෙන නම් දෙක ගැන එකඟ තාවයකට එමු ද? @Mili977 ඔබට අවශ්‍ය ඉංග්‍රීසි විකිපීඩියාවේ ඇති ලිපිය හා සබැඳීමට අවශ්‍ය ලිපිය නේද? @Thanuka99 ඔබ පාලි වලින් නම ලියා තිබ්බා නේද? ඒ විදිහටම බෙදීම ගන්න පුළුවන් වෙයි ද? -- Lee (talk) 14:15, 1 ජූලි 2024 (යූටීසී)[reply]
මෛත්‍රි බුදුන් වහන්සෙ ලෙස තිබුනා වු ලිපිය ඒ විදියට ගැනීම යොග්‍යය. Thanuka99 (talk) 14:16, 1 ජූලි 2024 (යූටීසී)[reply]
ඔබ ඒක පාලි නමට ගෙන ගියා නේද? -- Lee (talk) 14:22, 1 ජූලි 2024 (යූටීසී)[reply]
@Lee ඔව් මට ඉංග්‍රීසි පිටුවට සම්බන්ධ කළ හැකි සම්පූර්ණ කරුණු අඩංගු ලිපියක් නිර්මාණය කිරීමට අවශ්‍යයි. Mili977 (talk) 14:18, 1 ජූලි 2024 (යූටීසී)[reply]
ඒ සඳහා වඩා ගැලපෙන නම කුමක් ද? -- Lee (talk) 14:24, 1 ජූලි 2024 (යූටීසී)[reply]
ලී පරණ ලිපියෙ අන්තරගත සියලූ දේ මැකී ඇත. මා අලුතෙන් නිර්මාණය කරමි. Thanuka99 (talk) 14:35, 1 ජූලි 2024 (යූටීසී)[reply]
@Lee මා සිතනවා මෛත්‍රී බෝධිසත්ව යන නම සුදුසුයි කියලා. මොකද එය බුදු ධහමේ සියලු නිකායන් විසින් පොදුවේ පිළිගන්නා නමක් නිසා. Mili977 (talk) 14:39, 1 ජූලි 2024 (යූටීසී)[reply]
@Thanuka99 විරුද්ධත්වයක් තිබේ ද? -- Lee (talk) 14:46, 1 ජූලි 2024 (යූටීසී)[reply]
එයාට එ නම කලින් දාන්න තිබ්බනෙ ලී. මම කිව්ව එයාට... බලන්න මෛත්‍රි බුදුන් වහන්සෙ තිබ්බ ලීයවිල්ල සම්පුර්ණයෙන් ඉවත් වෙලා....මම එකඟයි...නමුත් මම හදපු පෙජ් එකට මහා අසාධාරණයක් වෙනවා, මොකද සෙරම සංස්කරණ කරපු අය පවා ඉවත් වෙලා. මම සාධාරණයක් බලාපොරොත්තු වෙම්. ලී Thanuka99 (talk) 14:50, 1 ජූලි 2024 (යූටීසී)[reply]
පෙර ලිපියේ බොහෝ සෙයින් වූයේ @Thanuka99 සඳහන් කළ සංකල්පය නිසා එය නව මාතෘකාවට ගෙන යන්නම්. මෛත්‍රී බෝධිසත්ව ලිපිය @Mili977 දැන් කරගෙන යන ආකාරයට කරගෙන යන්න. පරණ ලිපිය හොයාගන්න තුරු මදක් ඉවසන්න. එහා මෙහා ගෙනගොස් විනාශයක් කර ඇති නිසා, සොයා ගැනීම ඉතා අපහසුයි. -- Lee (talk) 14:54, 1 ජූලි 2024 (යූටීසී)[reply]
@Leeමෛත්‍රී බෝධිසත්ව පිටුවේ පවතින ලිපිය අසම්පූර්ණයි. ගැටලුවට විසඳුම් ලබාදුන් පසු යළිත් එය සංස්කරණයට අවසර දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. Mili977 (talk) 15:14, 1 ජූලි 2024 (යූටීසී)[reply]
YesY කළා. පිටු පිරික්සා ගැටළු වෙතොත් දන්වන්න. දෙදෙනාම මට ලබාදුන් සහයෝගයට, තුති! -- Lee (talk) 15:19, 1 ජූලි 2024 (යූටීසී)[reply]
ලී බලන්න අයේ අරයා සංස්කරණය කරනවනේ , එයාගෙ පිටුව සංස්කරණය කරගන්න කියන්නකො. Thanuka99 (talk) 15:32, 1 ජූලි 2024 (යූටීසී)[reply]
@Mili977 එකඟතාවය කඩ කොට ඇති හැඩයි නේද? ඔබ පැවසුවේ ඉංග්‍රීසි ලිපිය හා සබැඳීම සහිත ලිපිය සෑදීමට නේද? -- Lee (talk) 13:03, 3 ජූලි 2024 (යූටීසී)[reply]
@Lee ඒ ගැටළුව දැන් විසඳුනා. දැන් ප්‍රශ්නයක් නැහැ. Mili977 (talk) 14:29, 3 ජූලි 2024 (යූටීසී)[reply]
@Lee මුලින්ම මොහු කියා සිටියෙ ඉංග්‍රිසි ලිපිය සිංහලයට පරිවර්තනය කරනවා කියා, නමුත් පසුව කපටි කමට බටහිර වචනය ලී විසින් දමා තිබුනු වචනය ඉවත් කොට විවුර්ත වචනය යොදා තිබුනා. මම කිව්ව බටහිර වචනය ගැලපෙනවා ඔබට අවශ්‍යමනම් බටහිර විවුර්ත කියා යොදා ගන්න කියා, නමුත් ඒ එකඟතාවයට පැමිණුනේ නැ, ඔහුට කැමති පරිදි ඔහු එය ඔහුගෙ පිටුවෙ සකස් කරණු ලැබුවා, මම ලී වෙසින් යොදනු ලැබු වචනයත් මිලි වෙසින් යොදනු ලැබු වචනයත් එක් කොට මගෙ පිටුවෙ යොදනු ලැබුවා.හැබැයි ලී ආයේ වෙනස් කරන්න අවොත් මොහුට කුමක් හො වාරණයක් යෙදිය යුතුය. කිසි සෙත් මෙවැනි පුද්ගලයන් මෙම විශ්ව කොශයේ පාලකයන් කල යුතු නොවෙ. හෙතුව අනවසරයෙන් විවිද විශ්වකොශ පිටු වලට ඇතුලු වී අන්තර්ජාතික මට්ටමට ගෙනියන්න යනුවෙන් පවසා නැණවතුන්, උගතුන් විසින් රචන කරන ලද සිංහල ලිපි අමු අමුවෙ විනශ කර දමයි. ලී ඔබට මෙ බව වැටහෙන බවයි මගෙ අදහස, මා තවදුරටත් කිව යුතු නොවෙ Thanuka99 (talk) 17:10, 3 ජූලි 2024 (යූටීසී)[reply]

┌─────────────────────────────────┘
ඔව්. සිංහල ව්‍යාපෘති වසා දැමීමට අමු අමුවේ ක්‍රියාකරමින් සිටින ශ්‍රී ලාංකික විකිපීඩියානුවෝ නමින් හඳුන්වාගන්නා කණ්ඩායමක් මෙම ව්‍යාපෘති සියල්ල පුරාම ක්‍රියාත්මක වනවා. මම එය හොඳටම දන්නවා; මොකද මම ඔවුන්ගේ ප්‍රධාන ඉලක්කයක් නිසා. හැබැයි, මෙම ව්‍යාපෘතියට එකතු වූ මුල දී මමත් සිංහල දැනුම පද්ධතිය ගැන දැනගෙන හිටියේ නෑ. මම හිතුවෙත් ලොකයේ තිබෙන්නේ එක දැනුම පද්ධතියයි කියලා. අපි අවදියෙන් ඉමු. --Lee (talk) 03:29, 4 ජූලි 2024 (යූටීසී)[reply]

අනිවාරයෙන්ම, අපි අවධානයෙන් ඉමු. Thanuka99 (talk) 04:44, 4 ජූලි 2024 (යූටීසී)[reply]
@Lee ඔබ මට ඔය වගේ පදනම් විරහිත චෝදනාවක් කිරීම ගැන නම් හරිම කණගාටුයි. මම සිංහල විකියාවට ඇවිත් අවුරුදු හතරක් පමණ වෙනවා අද වෙනතුරාවට මං මේ විකිපීඩියා ලිපිවලදී හානි වන අයුරින් කිසිවක් කරේ නැහැ. මම බොහෝ විකිපීඩියා ලිපිවල අක්ෂර දෝෂ වගේ දේවල් හදලා තියෙනවා. මම පිටු ලියද්දි කවදාවත් දෘෂ්ටිකෝණයකින් ලියන්නේ නැහැ. මම හැම කරුණක්ම ලියන්නේ මධ්‍යස්ථව. සිංහලෙන් නොතිබුණු පිටු පවා මම හදලා තියෙනවා. විශේෂයෙන් හින්දු ආගම ගැන ගොඩක් ලිපි මම නිර්මාණය කරලා තියෙනවා. අමිතාභ බුදුන් වහන්සේ මෙම ලිපිය මං බොහොම විධිමත් ලෙස යාවත්කාලීන කරලා තියෙනවා කියවන කෙනෙකුට යම්තාක් දුරට හොඳ අවබෝධයක් ලබාගත හැකි වන පරිදි. මට අවශ්‍ය වන්නේ සිංහල විකිපීඩියාවද ඉංග්‍රීසි විකීඩියාව තුළ මෙන් විශ්වාස කළ හැකි මූලාශ්‍ර දක්වමින් ලිපි සැකසීමයි. @Thanuka99 මොහු වගේ සම්පූර්ණ අක්ෂර වින්‍යාසය වැරදිව භාෂා ශෛලිය වැරදිව බොහොම ප්‍රාථමික ආකාරයෙන් එක සීමාවකින් එක දෘෂ්ටිකෝණයකින් විතරක් බලලා මොන්ටිසෝරි ටයිප් එකේ ලිපි ලිව්වනම් ඔබ මට ඔය වගේ චෝදනා කරන්නේ නැති වෙයි. හරිම කණගාටුයි. Mili977 (talk) 04:58, 4 ජූලි 2024 (යූටීසී)[reply]
@Lee@Thanuka99 මම බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය හදාර ලැබූ ශිෂ්‍යයෙක්. මට බුදු දහම ගැන දැනුමක් නැත්තා නොවේ. සමහරවිට තනුකට වඩා බුදු ධහම ගැන මට දැනීමක් තියෙනවා කියලා මම හිතනවා. නමුත් නිදහස් විශ්ව කෝෂය මම කවදාවත් මගේ පුද්ගලික මත ප්‍රචාරණය කරන්න මම යොදා ගන්නේ නෑ. මුලාශ වර්ගීකරණය ප්‍රාථමික මූලාශ්‍ර සහ ද්විතිය මූලාශ්‍ර කියලා කොටස් දෙකකට බෙදෙනවා. තුන්වෙනි පාර්ශවයක් විදිහට අපි ඕනෑම මාතෘකාවක් ගැන ගවේශනයක් හෝ විචාරයක් කරනකොට ප්‍රාථමික මූලාශ්‍ර වලට වඩා අපි ගන්නේ ද්විතීය මූලාශ්‍ර. ඒ කියන්නේ ප්‍රාථමික මූලාශ්‍ර ගැන තවත් විචාරකයන් දක්වපු කරුණු ඔස්සේ. ඒ වගේම මාර්ගෝපදේශන සංග්‍රහයේ මූලාශ්‍ර උපුටා ගැනීමේදී නිරන්තරයෙන් දක්වන්න කියන්නේ ද්විතිය මූලාශ්‍ර. ලී ඇඩ්මින් වරයෙක් වශයෙන් ඔබ හොඳින්ම දැනගෙන සිටිය යුතුයි කියලා මම විශ්වාස කරනවා. මොකද ඔබත් මේ ව්‍යාපෘතියේ අවුරුදු ගානක් හිටපු කෙනෙක්නේ. විකිපීඩියා නීති රීති ඉංග්‍රීසි විකිපීඩියාව තුළ බොහොම තදින් ක්‍රියාත්මක වෙනවා. සිංහල විකීඩියාව තුළ එය එතරම් ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියලත් මම දන්නවා. නමුත් මම @Thanuka99 වගේ එයා අහපු දේවල් එයාට කවුරුහරි කිව්ව කියලා කරුණු දක්වන්නේ නැහැ. එක මගේ ක්‍රමය නෙවෙයි. මොකද එහෙම කරොත් කෙනෙකුට ඕනෑම බොරුවක් මේ විකිපීඩියාව තුළට දාන්න පුළුවන්. අනික මොහු කියන විදිහට විකිපීඩියා තුළට සිංහලෙන් දැමිය යුත්තේ ථේරවාදයට අයත් කරුණ විතරයි. අනිත් ඒවා දැම්මොත් ඒක සංස්කෘතියට පහර ගැහීමක්ලු ඒක මොන තරම් පදනම් විරහිත කතාවක්ද කියලා ඔබම හිතන්න. නමුත් ඔහු දන්නෑ ශ්‍රී ලංකාවේ ඉතිහාසයේ මහායාන බුදුදහම ලංකාව තුළ තිබ්බා කියලා. සිංහලයට පරිවර්තන උන පැරණි මහායාන සූත්‍රවල අත්පිටපත් තාම තියෙනවා කියලා. අභයගිරියට පවා මහායාන සම්භවයක් තියෙන බව. @Lee සමාවෙන්න මම එක් දෘෂ්ටිකෝණයකට විතරක් සීමා වෙලා ලිපි පල කරන්නේ නැහැ. එහෙම කරුණු දැක්වුවත් ඒක මොන දෘෂ්ටිකෝණයෙන්ද කියල සඳහන් කරලයි කරුණු දක්වන්නේ. නැතුව අහපු දේවල් කියපු දේවල් සමහර අය මෙහෙම කියනවා කියලා ඕපදූප පළ කරනවා වගේ ලිපි පල කරන්නේ නැහැ මම. @Thanuka99 ඔබේ ලිපිය ගැන කතා කරොත් ඒ ලිපිය මං පාලි හා බෞද්ධ විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරුන් කිහිප දෙනෙකුට පෙන්නුවා ඔවුන් හිනා උනා ඇරෙන්න විතරයි. කරුණාකරලා කුඩා දරුවන්ට කතා කියන්න වගේ ලිපි ලියන්න එපා පොඩ්ඩක් පරිණත විදිහට භාෂා ශෛලිය යොදාගෙන තව මනුස්සයෙකුට කියවල විශ්වාස කරන්න පුළුවන් විදිය ලිපි ලියන්න. Mili977 (talk) 05:14, 4 ජූලි 2024 (යූටීසී)[reply]
@Lee@Thanuka99 මේකත් මම කියන්න ඕනේ මම ගොඩක් වෙලාවට කරුණු ගන්න කොට ඉංග්‍රීසි විකීඩියා ලිපි වලින් පරිවර්තන ගන්නවා තමයි. නමුත් එහෙමයි කියලා මම ඒ හැම දෙයක්ම ඔහේ ගෙඩි පිටින් ගන්නන් වාලේ ගන්නෙ නැහැ. මේ රට බෞද්ධ රටක් සාමාන්‍යයෙන් බටහිර රටවල් වලට වඩා ආගම ධර්මය කෙරෙහි විශ්වාසය තියෙන රටක්. නමුත් ඉංග්‍රීසි විකීඩියාව තුළ ආගමික චරිතන් සහ ආගම් දහම් ගැන වුණත් ලිපි පල කරන්නේ ආගමික දෘෂ්ටිකෝණයෙන් නෙවෙයි විවෘත දෘෂ්ටිකෝණයෙන්. එතකොට ඒ ලිපිවල ඒ ආගම් ධර්ම හෝ ඒ චරිතවලට විරුද්ධව තියෙන මත පවා කෙලින්ම විවෘතව දක්වනවා. ඒක මම ජේසුස් වහන්සේ ගැන කතා කරන ඉංග්‍රීසි ලිපිය තුළ උනත් දැකලා තියෙනවා. එතකොට සමහර කරුණු එහෙම්මම පරිවර්තනය කරලා ගෙඩි පිටින් දාන එක සිංහල විකිපීඩියාවට ගැලපෙන්නේ නැහැ කියන එකයි මගේ අදහස. ඒ නිසා මම කිසිම පැත්තකට පක්ෂපාතීන් නොවී මධ්‍යස්ථවයි මම කරුණු දක්වන්නේ මේ රටට සිංහල විකිපීඩායවට සුදුසු වන විදිහට. නැතුව මම මේක මගේ මතවාද ප්‍රචාරය කරන තැනක් බවට පත්කරගෙන නෑ. සිංහල විකියාපීඩියා ලිපි වල ගොඩාක් වැරදි තියෙනවා.ගොඩාක් ඉස්සර සංශෝධනයක මම දැක්කා මහායාන බුදුදහම කියන ලිපියේ මැද හරියක දාලා තිබ්බා මහායාන බුදු දහම බොරු ථේරවාදය තමයි ඇත්ත කියලා. ඉතින් සමහර අය මේකේ ලිපි ලියද්දි තමන්ගේ පුද්ගලික මතවාද ඒක ඇතුලට ඔබනවා. සමහරු ඉන්නවා තමන්ගේ මතයට විරුද්ධ නම් පිටුව හිස් කරනවා. දැන් මහායාන පිටුවේ මුල හරිය සම්පූර්ණයෙන්ම හිස් කරල තිබ්බා. පස්සේ මම ඊයේ ආපහු ඒක හැදුවා. @Lee මොකක් හරි හේතුවක් නිසා මාව වාරණය කරත් මට ප්‍රශ්නයක් නැහැ. හැබැයි මට සතුටුයි මම මේ ව්‍යාපෘතිය වෙනුවෙන් යම් දායකත්වයක් ලබා දුන්නා කියන එක ගැන. @Thanuka99 අනික ඔබට කියන්න අයිතියක් නැහැ මම සම්පූර්ණයෙන්ම ඉංග්‍රීසි ලිපියම පරිවර්තනය කළ යුතුද නැද්ද කියලා. මම ලිපිය ලිව්වට පස්සේ ඒක පදනම් විරහිතනම් මූලාශ්‍ර මුකුත් නැත්නම්, ඒකෙ තියෙන කරුණු වැරදියි කියලා ඔප්පු කරන්න පුළුවන් නම්, ඒක වෙනස් කරන්න ඔබට අයිතියක් තියෙනවා. මොකද ඔයා වගේ මම පිටුවලට ඔප්පු ලියාගෙන අයිතිවාසිකම් කියාගෙන නැහැ. මගේ ලිපියක උනත් මූලාශ්‍ර නැති කරුණක් තියෙනවා නං ඒක ඕනෙම කෙනෙකුට සංශෝධනය කරන්න මගෙන් අවසර ගන්න ඕනේ නෑ. Mili977 (talk) 05:30, 4 ජූලි 2024 (යූටීසී)[reply]
@Mili977 ඔබ හින්දු අභාශයකින් ලිපි ගණනාවක් සංස්කරණය කර තිබෙනවා, එනමුත් හින්දු සංස්කරණයයි, බෞද්ධ ආභාශය ඇති සිංහල කෙනෙකුයි හිතන්නෙ දෙයාකාරව බව ඔබ දන්නේ නැති බවයි පසක් වෙන්නෙ. කෙසෙනමුත්,  අප මහා ගෞතම බුදුන් වහන්සෙ සනාථව ඉදිරිපත් කරපු එක් බුදු කෙනෙකු ගැන සදහන් වෙනව ඒ තමයි මෛත්‍රි බුදුන් වහන්සෙ, මේ කාරණා ගැන මහායානික දර්ශනය වෙනස්, හෙතුව මහයානික දර්ශනය හැදෙන්නෙ අපෙ රටෙ රජකෙනෙකුගෙ පෞද්ගලික ආරාම පුජාවක් සංඝයා වෙත පිරිනැමිම පදනම් කරගෙනය.
මම සිංහල සහිත්‍ය එලෙවල් වලට කර නැත, මම රටින් පිට වුනේ මගෙ විශ්‍ය විද්‍යලයෙ වැඩ අවසන් වු පසුවයි. ඔබෙ දැනගැනිම පිණිසයි කියන්නෙ, ඔබෙ භශ මානය ඉවත් කොට ජිවත් වෙන්න,නැති නම් සින්හලයෙක් හැටියට මොනම රටකවත් ජිවත් විය නොහැක, පිරිහිමම ලඟ කරගනි, ඔබට බුදු ඩහම කෙරෙහි දැනුමක් නැත, එය හොදින් තහවරු වෙනව මෛත්‍රී බොසතනන් වහන්සෙගෙ ලිපිය කියවද්දි, අනෙක් කාරණය නම් මුලදි ඔබ කිය සිටියෙ ඉංග්‍රිසි ලිපිය පරිවතනය කරනව ලෙසය, පසුව ඔබ වෙනස්ම කතවක් කියන්නට ගනි, මෙයින් පිලිඹිබු වෙන්නෙ අපෙ රටෙ දෙශපලකයොත් ඔබත් අතර කිසිම වෙනසක් නොමැති බවය. ලී ගෙ අදහස් වලටද ඔබ අභියොග කල සිටිය, ඉතින් ඔබ කොපමන අවුරුදු ගණාවක් සිටියද එයින් කියවෙන්නෙ ඉහල ප්‍රන්තර දරණ කිසිම කෙනෙකුට ඔබෙ ගරුත්වයක් නැති බවය. ඔබෙ සිංහල භශව ගැන මට කිසිදු ප්‍රශ්නයක් නැත, මොකද සංස්කෘතිය දන්නෙ නැති කෙනෙකු භශා නුවණ දියුනු කලත් ඉන් ඵලක් නොමැත, ඔබ එයින්  ආනන්දයට පත් වී ඇත,  ඉස්සල්ල ඔබෙ මානය දුරු කරගන්න, ඊට පසු ඔබට දියුනු විය හැක. Thanuka99 (talk) 05:32, 4 ජූලි 2024 (යූටීසී)[reply]
@Thanuka99 ඔබ ගැන හිතල මම ඔබේ ලිපියට ථේරවාදය කියලා දැම්මට ඔබේ ලිපිය ථෙරවාද සම්ප්‍රදායට අයත් ලිපියක් නෙවෙයි. ඔබ ඕකේ සඳහන් කරලා තියෙනවා ඍෂිවරු මුනිවරු කියනවා කියලා. එතනම ඔබේ ලිපියේ ගුණාත්මක බව බිඳවැටෙනවා. මොකද ඍෂි මුනි සම්ප්‍රදාය බ්‍රාහ්මණ හෝ හින්දු ආගමට අයත් දෙයක්. බෞද්ධ දර්ශනය අයත් වන්නේ ශ්‍රමණ සම්ප්‍රදායට. ශ්‍රමණ සම්ප්‍රදාය කියන්නේ වෙනම එකක් සෘෂි සම්ප්‍රදාය කියන්නේ වෙනම එකක්. ඒවායේ පිළිගැනීම් සහ මතවාද එකිනෙකට පරස්පරයි. Mili977 (talk) 05:41, 4 ජූලි 2024 (යූටීසී)[reply]
@Mili977 Thanuka99 (talk) 07:16, 4 ජූලි 2024 (යූටීසී)[reply]
@Mili977 shri laa\nkaawa kawadhadha swarga aagamika ratak unei, thawama budhu dhahamei. hinaa yanawa...
anith eka rishiwaru saha muNiwaru innama bAridha? anith eka poth wala dhAnuma obe refarans karana kramaya muulaarmbhaya sewwoth rishiwaru sahaa muNiwaru thamaaya. obe adhahasa hariyata batahira minissunge dhewa sa○kalpa wage. owun siyalu dhe mAwimak leasayi sithan inne. amithaabha kiyalaa budhuwarayek ape gauthama budhun wahanse dheshanaa kota nAtha, eya hudhek pitarAta swamiNwahanse hadhagath nam witharakya. budhuwaru wisi ata dhenage nam aran balanna ei eka namakwath saapekshawa aran bAluwoth paali namakata gAlapenne nAtha, e wagema amithabha kiyana hamudhuruwo ipadhenne indhiyawe nemei owunge poth wala hAtiyata. siyaluma budhuwaru budhu wenne indhiyaweya. obe dhAnuma alpaya. therumak nAtha. Thanuka99 (talk) 07:17, 4 ජූලි 2024 (යූටීසී)[reply]
ඔබ ත්‍රිපිටකය කියවා ඇත්නම් අමීතාභ බුදුන් වහන්සෙ නමක් ගැන අපේ ගෞතම බුදුන් වහන්සෙ දෙශනා කොට නොමැති බව පසක් වෙනව, ශ්‍රි ලාංකිය ඉතිහාසයේ අමීතාභ බුදුන් වහන්සෙ ප්‍රතික්ශෙප කෙරෙනවා, එ මක්නිසාද යත් ත්‍රිපිටක දෙශනා අපේ ස්වාමිණ්වහන්සෙලා දිවි පරදුවට තබා කටපාඩමින් රැගෙන ඇවිත් කොටසක් බුරුමය, තායිලන්ත ආදි රටවලටත් අනෙක් භික්ශූණ් අපේ ශ්‍රී ලංකාවෙ තුල රැදෙමින් ධර්මය රැක ගත්තා, එදා ඒ රැකගත් ධර්මය තමයි අද අපේ ත්‍රිපිටකය. Thanuka99 (talk) 05:31, 4 ජූලි 2024 (යූටීසී)[reply]
@Thanuka99 මධ්‍යස්ථ වෙන්න බුදුරජාණන් වහන්සේ ජීවමානව සිටි කාලයේදී හෝ එතනින් සතවර්ෂ දෙකක් පමණ යනකං උන්වහන්සේ ගැන කිසිම ලිඛිතව සාක්ෂියක් ඉන්දියාවේ තියා කොහෙන්වත් හොයාගන්න නෑ. ඒ නිසයි බුදුන් වහන්සේ ඓතිහාසික වශයෙන් ඇත්තටම සිටි පුද්ගලයෙක්ද යන්න පිළිබඳව එකිනෙකට පරස්පර දෘෂ්ටිවාදී මත පවතින්නේ. පාලි ත්‍රිපිටකය රචනාව වන්නේ උන්වහන්සේ පරිනිර්වාණයෙන් අවුරුදු පන්සීයකට විතර පස්සේ. නමුත් පාලි ත්‍රිපිටකය රචනාවන්න කලින් මහා සාංඝික සර්වස්ථිවාද ස්ථවිර ආදි විවිධ ප්‍රභේද තිබුනා. එම අංශයන් ඔවුන්ටම ආවේනික ත්‍රිපුටක පවත්වාගෙන ගියා. ඒවායින් බොහොමයක් චීනයට අරගෙන ගියා. නමුත් අවාසනාවට ඒ ත්‍රිපිටකවල මුල් ලියවිලි සම්පුර්ණ වශයෙන් ඉන්දියාවෙන් හමුවන්නේ නෑ. මම කිසිම දේකට පක්ෂක්ග්‍රාහී නෑ. සාහිත්‍යමය වශයෙන් ථේරවාදී සහ මහායානයට දෙපැත්තටම ප්‍රබල සාක්ෂි තියෙනවා ඒවා මුල් බුදු දහමට අයත් කියන්න පුලුවන් විදිහේ.
ඊළඟට බුද්ධ චරිතය කියන දේ ථේරවාදි මුල් බෞද්ධ සූත්‍රවල හරියාකාරව දැක්වෙන්නේ නැහැ. පසුකාලිනව ලියවුණ ඒවගෙයි දැක්වෙන්නේ. මෛත්‍රී බුදුරජාණන් වහන්සේ ගැන වුණත් විශාල විස්තරයක් දැක්වෙන්නේ පසුකාලීනව රචනා කරපු අනාගත වංශ දේශනාව තුළයි. එක රචනා වෙන්නේ බොහෝම මෑත කාලයේදි. ඒකෙත් භෞතිකව විශ්වාස කළ නොහැකි අතිශයින් බොහෝමයක් තියෙනවා විද්‍යාත්මක නොවන ඒවා බොහෝමයි. ඉතින් ථේරවාදී ද්ධයන්ට තමන්ගේ පාර භෞතික සංකල්ප ඇත්තයි කියලා විශ්වාස කරන්න පුළුවන් නම් මහායාන බෞද්ධයන්ට ද ඔවුන් ලඟ සිටිනා විවිධ බුදුවරුන් සහ උන්වහන්සේලාගේ ශක්තීන් ඇත්තයි කියා පිළිගැනීමට පූර්ණ අයිතියක්. ඊළඟට හින්දු ලිපි ගැන කතා කලොත් හින්දු ලිපි බෞද්ධ විදිහට ලියන්න බෑ. ඒක ලියන්නේ හින්දු විදිහට මොකද හින්ද දේවරු ගැන හින්දු පුරාණ ග්‍රන්ථ වලනේ තියෙන්නේ එතකොට මූලාශ්‍ර විදිහට ගන්නේ හින්දු මූලාශ්‍ර ප්‍රාථමික සහ ද්විතීය වශයෙන්. ඊළඟට රාවණ කියන ලිපිය ගැන කතා කරොත් එහෙම රාවණ කියන්නේ 80%ක්ම හින්දු සංකල්පයක් රාවණ
ගැන රචනා කරලා තියෙන පෞරාණික පොත් බොහොමයක් සම්පූර්ණයෙන්ම පාහයෙන් තියෙන සංස්කෘත භාෂාවෙන් බොහෝ වෙලාවට පහළොස්වන ශතවර්ශයෙන් පසුව රචනා වූ ඒවා. ඊළඟට රාවණ ගැන වෙනම සංකල්ප තියෙනවා. ලංකාවේ ඊළඟට ජාවාදූපත්වල ජෛන ආගමේ මහායානයේ ඒවා වැටෙන්නේ උපසංකල්ප වලට. නමුත් රාවණාගේ ආරම්භය සනිටුවන් වෙන්නේ ඓතිහාසාත්මකව රාමායනයෙන්. Mili977 (talk) 05:57, 4 ජූලි 2024 (යූටීසී)[reply]
@Thanuka99 මම ලිපි ලියන ආකාරයට බුදුදහම ගැන මට දැනුමක් නෑ කියලා ඔබ කියනවනම් ඒක ඔබගේ ප්‍රාථමික මනස. මෙතන වෙලා තියෙන ඔබේ මගේ අරමුණ දෙකක් ඔබෙයි මගේ ලිපි ලියන ශෛලය වෙනස්. මොකද ඔයා ලිපි ලියන්නේ මිනිස්සුන්ව බෞද්ධයන් කරගැනීමේ අරමුණන් සහ බුදු දහම ප්‍රචාරය කිරීමේ අරමුණෙන්. අනික ඔයා විශ්වවිද්‍යාලයකට ගියයි කියලා කියල මම කීයටවත්ඒ විශ්වාස කරන්නේ නෑ මොකද ඔයා thesis එකක් වත් කරන්න හරියට දන්නෙ නෑ. ඔයා බෞද්ධ දෘෂ්ටිකෝණයෙන් විතරයි ඔයාගේ ලිපිය පළ කරන්නේ. ඒකත් ඒක ප්‍රචාරය කිරීමේ අරමුණෙන්. නමුත් ඔයාගේ ලිපිය දකින ඕනෙම විද්වතෙකුට තේරෙනවා ඔයාගේ ලිපියේ තියෙන්නේ මෛත්‍රී බෝධිසත්වයන් කියන්නේ කවුද බුදු දහම තුළ ඔහුගේ වටිනාකම මොකක්ද ඔහුගේ වන්දනාවේ ඉතිහාසය මොකක්ද ඔහු ගැන තියෙන බෞද්ධ සූත්‍ර දේශනාව මොනවාද ඒවා ත්‍රිපිටකයේ කොහෙද තියෙන්නේ? ඒවා ගැන කතා කරන ලිපියක් නෙවෙයි. ඔයාගේ ලිපියේ අවසාන හරය පින් කරලා මෛත්‍රී බුදු හාමුදුරුවෝ දැකලා නිවන සාක්ෂාත් කරගන්න කියලා බණ දේශනා කිරීමක් කියලා. ඔයාගේ ලිපිය දැක්කහම බෞද්ධයෙක් වශයෙන් කෙනෙකුට ශ්‍රද්ධාවක් ඇතිවෙන්න පුළුවන්. නමුත් කාටවත් දැනුමක් ලැබෙන්න නෑ. ඊළඟට මම හින්දු ආගම් ගැන බොහෝ ලිපි ලියලා තියෙනවා නමුත් ඒ එකකවත් මම කියලා නෑ හින්දු ආගම පිවිතුරුයි ඕගොල්ලෝ හැමෝම හින්දු ආගමට එන්න ඇවිත් දෙවියන් සරණ ගිහිල්ලා මෝක්ෂය ලබාගන්න කියලා.
ඔබේ අරමුණ සහ මගේ අරමුණ දෙකක් කියලා පිළිගන්න. මගේ අරමුණ මේ සංකල්ප ගැන දැනුම ලබාදීම පමණයි. නමුත් ඔබේ අරමුණ ධර්ම ප්‍රචාරණය. අපේ අරමුණු දෙක වෙනස්. ඒ නිසා බොරුවට මගෙත් එක්ක ගැටෙන්න එපා. Mili977 (talk) 06:09, 4 ජූලි 2024 (යූටීසී)[reply]
@Thanuka99 මම ඔයාට සරලව දෙයක් කියන්නම් මිනිස්සු ගූගල් එකේ දෙයක් සර්ච් කරලා විකාපීඩියා බලන්නේ ඒ දේවල් ගැන ප්‍රායෝගිව විවෘතව දැනුමක් ලබාගන්න. නැතුව බණ අහන්න බණ ඉගෙන ගන්න විකිපීඩියා වලට එන්නේ නෑ. ඒවාට වෙන වෙන තැන් තියනවා ඕන තරම් අන්තර්ජාලය තුළ. මිනිස්සු ආගමික සංකල්ප ගැන හැමවෙලේම ආගමික දෘෂ්ටිකෝණයෙන් පමණක් දැනුම හොයන්නේ නෑ. අපි අපේ research එක කරන කාලෙ කරුණු හොයන්න ගියහම අපි වින්දපු දුක දන්නේ අපි විතරයි. මොකද හරි හැටි කරුණු හොයාගන්න තැනක් නැහැ. පරණ පොත් හොයාගෙනම බඩ ගාන්න ඕනේ. අනික තියෙන ඒවත් සිංහලෙන් තියෙන්නේ හරිම අඩුවෙන්. ඒවායින් ගොඩක් තියෙන්නේ ආගමික මතවාද විතරයි. දැන් හිතන්නකෝ කවුරු හරි කෙනෙක් මෛත්‍රී බෝධිසත්වයන් ගැන research එකක් කරනවා එතකොට එයාගේ රීසර්ච් එකට එයාට දාන්න ඕනේ මෛත්‍රී බෝධිසත්ව සංකල්පයේ ඓතිහාසාත්මක පසුබිම ගැන විග්‍රහයක්. දැන් ඔයාගේ ලිපියෙන් මොනවද ඉගෙන ගන්න තියෙන්නේ? පින් කරලා දිව්‍ය ලෝක ගිහිල්ලා මෛත්‍රී බුදුන් දැක ගන්න තාක්කල් දිව්‍යලෝකෙට වෙලා ඉන්න කියලා තමයි ලියන්න තියෙන්නේ. එහෙම ලිව්වාම හරිද? නෑනේ අන්න ඒ නිසයි මම ලියන ශෛලිය ලිපි වැදගත් වෙන්නේ. ආගමික චරිත හැමවිටම ආගමික දෘෂ්ටි කෝණයෙන් පමණක් දැකිය යුතු නැහැ. දෙකෙන්ම තියෙන්න ඕනේ. පොඩ්ඩක් තේරුම් ගන්න එක පොඩි ළමයෙක් වගේ හැසිරෙන්න එපා. Mili977 (talk) 06:19, 4 ජූලි 2024 (යූටීසී)[reply]
එදා සාරිපුත්ත මහා රහතන් වහන්සෙටද අලුත මහණ වු ස්වමිණ්වහන්සෙලා කියා සිටියෙ ඔය දෙම තමයි, මධ්‍යස්ත වෙන්න කියා, නමුත් සාරිපුත්ත මහා රහතන් වහන්සෙට බුදුන් වහන්සෙගෙ රැකවරණය නොවඩුව ලැබුනා. ඒ මිත්‍යාදුශ්ඨික ස්වමිණ්වහන්සෙලා සාරිපුත්ත මහා රහතන් වහන්සෙ ඉදිරියෙ අසරණ වුනා නමුත් උන්වහන්සෙගෙ පිහිට ලැබුණා, ඔබ පාලි බෞද්ධ විශ්වවිද්‍යාලයෙ ගියද ඔබ සංස්කරණය කර තිබුණේ මිත්‍යාදුශ්ටික දෙවිවරුන්ගෙ වෙබ් ලිපි පමණය. බුදු හාමුදෘවො අමතක උන, මහ බොදිසත්වයො අමතක උනා. තව මොන කතද කියන්නකො...මට ධර්මය සැක කරන්න උවමනවක් නැ මම බෙදුවෙ හරි දැනුම කියල 500/100 කින් ශුවර් පිට ලිව්වෙ, ජතක කත පව මම ලිපි වල ලිව්ව. ඔබට අසු මහ ශ්‍රවකයන්වත් අමතක වෙලනෙ තිබ්බෙ. අනිත් එක මෛත්‍රෙ බොසතනන් වහන්සෙ ගැන ලිව්වට බෞද්ධ විශ්ව විද්‍යලයෙ ඉගෙන ගෙන කියල කිව්වට, ඔබට කිසිම අවසරයක් නහ එක පාර වෙබ් අඩවි අනවසරයෙන් වෙනස් කරන්න, ඔබ එක කරනවමඉ කියන්නේ ඔබෙ විශ්ව විද්යල ගමන පුස් වෙඩිල්ලක් බවඉ පෙනෙන්නෙ. මට ඔබ සමග ගැටුමක් අවශ්ය නොවෙ. ඔබෙ ගමන ඔබ යන්න. සුභ පැතුම්. Thanuka99 (talk) 06:30, 4 ජූලි 2024 (යූටීසී)[reply]
@Lee ලී මොහුගෙ මන්ද මානසික තත්වය මෙ කමෙන්ට් වලිම පෙනි යනව, මොහු ඉන්නෙ බල තන්හාවෙන්. මොහුට පාලක මට්ටම ගැනීමෙ අරමුණෙන් තමයි මෙ ක්‍රියාදාමය. කෙසෙ නමුත් එකෙන් ඔහුගෙ බඩගොස්තරය සුරකෙනවනම් ලී අපි අනුකම්පා කරමු. එයයි අපට බුදුන් වහන්සෙ දී තිබෙන අවවාදය. Thanuka99 (talk) 06:36, 4 ජූලි 2024 (යූටීසී)[reply]
@Mili977 ඔබ විශ්ව විද්‍යාල වල ඉගෙන ගෙන නොමැති බවයි පෙනි යන්නේ. විශ්වව්ද්‍යාල වල විකිපිඩියා රෙෆරන්ස් කරන්නේ නැත. එය හුදෙක් වෙනස් වෙන නිදහස් විශ්ව කොශයක් නිසා. බුදු දහම පිලිබදව වුවද ඔබගෙ දකින කොණයෙන් අනෙක් මිනිස්සුන්ට දකින්න යැයි බල කිරිමම කණගාටුවට කාරණයකි. එයින් ඔබෙ සිගිති මණස පිලිබිදු කරන ලද බව පසක් වෙ. කෙසෙ නමුත් ඔබේ සිගිති සිහින ඉටු වෙව ලෙස මා ආශිර්වාද කරමි. ඔබ කොහොමත් බුදුන් සරණෙ නැති අමිතාභ කියන ස්වමිණ් වහන්සෙ නමකගෙ සරණ ගොස් සිටින වග ඔබේ නවතම ලිපියෙ සදහන් වෙවි. බුදු දම ප්‍රඥඥාවන්තයොන්ට පමණඉ කිව්වෙ එ නිසඉ බුදුන් වහන්සෙ. එ නිස මට ඔබෙ ලිපිය සහ කමෙන්ට් ගැන හුදෙක් අනුකම්පවෙන් බල සිටින්නෙමි. පව් ලෙස කීම්ට පමණඉ හැකි වෙන්නෙ. එපමණයි. Thanuka99 (talk) 06:43, 4 ජූලි 2024 (යූටීසී)[reply]
@Sameera94 ඔබේ මෙයට උපකාරයක් අවශ්‍යයි. ස්තූති. Mili977 (talk) 06:49, 4 ජූලි 2024 (යූටීසී)[reply]
@Thanuka99 ශ්‍රී ලංකාව කියන්නේ සර්ව ආගමික රටක්. ලංකාවේ දෙවෙනියට තියෙන්නෙ හින්දු ආගම.හින්දු දෙවියන්ට මිත්‍යාදෘෂ්ඨකයයි ඔබ ප්‍රසිද්ධියේ කරන අපහාසයෙන්ම ඔබේ නිර්ලජ්ජිත බව අශෝභන බව මනාව පැහැදිලි වෙනවා. තව කෙනෙක්ගෙ විශ්වාසයකට ගරු කරන්න බැරි පුද්ගලයෙක් බුදුන්ගේ හෝ බෝධිසත්වයකගේ ගුණ වර්ණනා කරනවා කියන එක හරිම විහිළුවක්. ඔබට අනුව විකිපීඩියා තුළ බුදු දහම ගැන කතා කරන්න පුළුවන් ත්‍රිපිටකයෙන් පමණයි. වෙනත් දෙවිවරු වෙනත් ආගම් දර්ශන ගැන කතා කරන්න තහනම්. අනික ඔබ කරන්නෙ ඔබේ කෝණයෙන්ම මිනිස්සුන්ට බලන්න කියලා බල කරන එක නෙවෙයිද. ඔබේ ලිපිය සම්පූර්ණයෙන්ම ඔයාගේ පුද්ගලික ආගමික දෘෂ්ටියෙන් අනුව ලියපු එකක් පමණයි. ඔයාගේ ලිපිය නම් ඔයා බුදුන් සරණ යන්න කියලා හැමෝටම කියලා තියෙනවා. හැබැයි මගේ ලිපියෙ මම කාටවත් කියලා නෑ මෛත්‍රී බෝධිසත්වයන්ගේ සරණ යන්න කියලා. මගේ හින්දු ලිපි වලත් මම කියලා නෑ හින්දු ආගම සරණ යන්න කියලා. ඔබේ විශ්වාසය අනිත් හැමෝගෙම විශ්වාසය නෙවෙයි. ඔබ කරගෙන තියෙන්නේ ඔයාගේ පුද්ගලික විශ්වාසය ප්‍රචාරය කරන්න විකිපීඩියාව භාවිතා කරනවා. ඇයි ඔයා වෙන වෙන බහුභූත කියන්නේ ඔයා පිළිගන්න ඔයාට ඕනේ මේකේ ආගම ප්‍රචාරය කරන්න කියලා. ඔයා ඒක මිනිස්සුන්ට බලෙන් පටවන්න හදනවා ඔයාගේ ලිපි වලින් Mili977 (talk) 06:58, 4 ජූලි 2024 (යූටීසී)[reply]
@Thanuka99 අමිතාභ කියන්නේ ස්වාමීන් වහන්සේ නමක් නෙමෙයි මහායාන බුදුවරයෙක්. තමන්ගේ මතය විතරක් කියලා හරි හිතාගෙන ඉන්න මෝඩයෙක් සමග මම මෙතැන් සිට වාද කරන්නේ නැහැ. සුභ දවසක්. Mili977 (talk) 07:00, 4 ජූලි 2024 (යූටීසී)[reply]
@Mili977 Thanuka99 (talk) 07:15, 4 ජූලි 2024 (යූටීසී)[reply]
@Mili977 ඔබෙ අවුරුදු ගණනාවක එක්ස්පිරියන්ස් එකෙන් ගූගල් සර්ච් කරණ ලිපි මොනාද ප්‍රධාන ලිපිය අරගෙන එක වෙනස් කල විට ගුගල් පරණ ලිපි ඇත් වෙන බව ඔබ හොදින් දන්නා කාරණයකි. එය ඔබේ කපටි සිත බව පරිපාලණ කරන අය දනි. අනෙක් කාරණය නම්, මම විතරක්ම නෙමෙ මෛත්‍රි බුදුන් වහන්සෙගෙ ලිපිය ප්‍රවර්ධනය කලෙ, මට කලින් ප්‍රවර්ධනය කරපු සියලුම අයට ඔබ අසාධාරණයක් කලා එය පිලිගත්තා හො නොගත්තා මට අදාල කාරණයක් නොවේ. අනිත් එක ඔබ බලන කොණයෙන් අනිත් මිනිස්සුන්ට බලන්න යැයි බල කිරිමම ඔබෙ අදහස වන "විවුර්ත දෘශ්ඨිකොණය" යන අදහසෙන් පිලිඹිබු වෙ. මම ඔස්ට්‍රෙලියවෙ වාසය කරන්නෙ, මට මෙ පිටු හැදිමෙන් ලැබෙන වසියක් මට නැත, මම මෙ දෙ කලෙ මම නිදහස් අධ්‍යපනය හැදරුවෙ අපෙ රටෙ නිස, බුදු ඩහම ශ්‍රි ලංකික භව ලොකෙ කොහෙ ගියත් මගෙ හදවතෙ තියෙන නිසාය, ඔබ සිගිති ලෙස බැනිමෙන් මට හින යැමක් මිස වෛරයක් හදවතෙ උපදින්නෙහ් නැත, මොකද ඔබට ජිවිතෙ නිදහස් විශ්ව කොශයම අමු අමුවෙ විනශ කරන්න ඔබට කාලය තිබෙන නිස. මම සින්හල ලියන්නෙ වෙබ් අඩවියකින් නිස මගෙ සින්හල දැනිම පිලිබදව ඔබේ විග්‍රහයෙන් පෙනි යන්නෙ ඔබ ප්‍රාතමික කෙනෙකු භවය. ඔබ මා ගැන නොදැක ආශ්‍රය නොකට ඒ ගැන සෙවිම මොඩයෙකුගෙ ලක්ශන පිලිබිබු කරයි. තෙරුමක් නැ ඔබට මෙ ගැන කියල Thanuka99 (talk) 07:00, 4 ජූලි 2024 (යූටීසී)[reply]
@Thanuka99 සෘෂිවරු දැක්කා මුනිවරු කිව්වා කියලා පදනමක් නැති මිත්‍යාදුෂ්ටික විකාර කියමින් කිසිම පදනමක් නැති හරයක් නැති මූලාශ්‍රයක් නැති ලිපි ලියන්නේ මම නෙමෙයි ඔබ. කමක් නෑ ඔබේ අහිංසක ආසාවනේ. ඔබට කැමති දෙයක් ලියන්න මොකද මෙක ව්‍යාපෘතිය නිදහස් නේ. දැන් ඇති සුභ දවසක් Mili977 (talk) 07:04, 4 ජූලි 2024 (යූටීසී)[reply]
@Sameera94 සමාවෙන්න මට වැඩිදුරටත් මේ දැනගැනීම නිසයි මම අහන්නේ ඔබෙන්. කිසිදු මූලාශ්‍රයක් උපුටා නොගන්නා කරුණු සහ අක්ෂර වින්‍යාසයෙන් වැරදි කරුණු ඉවත්කර මූලාශ්‍ර උපුටා ගනිමින් කරුණු සංශෝධනය කිරීම නීති රීතිවලට එකඟ වන්නේ නැතිද? Mili977 (talk) 07:08, 4 ජූලි 2024 (යූටීසී)[reply]
@Sameera94 සමාවෙන්න මට වැඩිදුරටත් මේ දැනගැනීම නිසයි මම අහන්නේ ඔබෙන්. කිසිදු මූලාශ්‍රයක් උපුටා නොගන්නා කරුණු සහ අක්ෂර වින්‍යාසයෙන් වැරදි කරුණු ඉවත්කර මූලාශ්‍ර උපුටා ගනිමින් කරුණු සංශෝධනය කිරීම නීති රීතිවලට එකඟ වන්නේ නැතිද? Mili977 (talk) 07:08, 4 ජූලි 2024 (යූටීසී)[reply]
@Mili977 ඔබ රිශිවරු මුණිවරු කියපු කොටස ඔබට හිතුනානම් එය වෙනස් කර ඔබ කියන්නා වූ ශ්‍රමණ අදහස දාන්නට තිබුනා, එයින් ඔබ කලෙ එ සියලුම ලිපිය මකා දමා ඔබෙම ආකල්ප සහිත ලිපියක් ගොඩ නගා ගත්තා. එයින් වෙන්නෙ සියලුම සංස්කරණ පුද්ගලයන්ට අපහාසයක්. ඒ වගෙම ලී විසින් යොදන ලද වචනද ඔබ වෙනස් කලා, මම වෙනස් කරන්නට මත්තෙන් ඔබට පණිවිඩයක්ද දී තමා විවුර්ත කියන වචනය වෙනස් කලේ. ඔබ මෙතැන ලී විසින් යොජිත තින්දුතීරණ වලටද ඔබ අභියොග කොට, ඒ අදහස් වලට එකඟ නොවි ඔබෙ හිතුමනාපෙට දෙවල් වෙනස් කොට, නිතියට රිතියට ඔබෙ වාසියට නිතිය නම ගැනිමෙ කුමන්ත්‍රනයක් ක්‍රියත්මකඉ. මෙ නිසඉ අද ලංකික ජනතාවට පිටරට දොරගුලු වැසිමින් පවතින්නෙ. මොකද තමන්ගෙ වසියට නිතිය නම ගැනිමට උත්සහ දරණ නිස. එකෙන් වෙන්නෙහ් මෙතන විතක් නෙමේ, ඔබ කලින් කිව්ව ඉංග්‍රිසි එකත් ඔබ සංස්කරනය කරමින් යන බවත්, මෛත්‍රී බොසතනන් වහන්සෙගෙ ඉංග්‍රිසි සංස්කරනයත් ඔබ කලින් ප්‍රශ්න කල. ඔබ කෙනෙකුගෙන් නිති රිති පවා දැනගැනිමට සුදුස්සෙක් නොවේ. මොකද ඔබ නිතියට වැඩ නොකරනව වගෙම, නිතිය තමන්ගෙ බලය පවිචි කොට නවන්න උත්සහ දරණ භැවින්ය. එකයි මම ඔබව අපේ රටෙ දෙශපලක්යොට සමන කලෙ. අනුකම්ප කරමි Thanuka99 (talk) 13:59, 4 ජූලි 2024 (යූටීසී)[reply]
@Thanuka99 මෙතන අපහාස කියලා දෙයක් නැහැ. ඔබ කියන විදිහට මෙතන ඕනෑම බොරුවක් ලියලා, කවුරුහරි ඒ බොරු ටික අයින් කරොත් ඒක බොරුව ලියපු පුද්ගලයාට වෙන අපහාසයක්. නෑ එතන කිසිම අපහාසයක් නෑ. ඔබේ ලිපිය ඉවත් කරන්න හේතු කිහිපයක් තිබෙනවා. ඔබේ ලිපිය පිළිගත නොහැකි, තහවුරු නොකරපු කරුණු රාශියක් තිබුනා. ඔබේ ලිපියේ කිසිම තැනක මුලාශ්‍ර සඳහනක් නැහැ. පහළින් පොත් ටිකකට නම් ටිකක් පල කරන එක මුලාශ්‍ර උපුටා දැක්වීම නෙවෙයි. ඒක කරන්න මෙකේ ක්‍රමයක් තිබෙනවා. ඊලඟට ප්‍රධානම දේ ඔබේ ලිපියේ කිසිඳු මධ්‍යස්ථ දෘෂ්ටියක් නොතිනුන එක. ඔබේ ලිපියේ මෛත්‍රී බුදුන් ගැන කිසිම වැදගත් කරුණක් දක්වා තිබුනේ නැහැ. හරියට නිකම් ෆැන්ටසි කතාවක් කියනවා වගේ ලියලා තිබ්බේ. කිසිම ප්‍රමිතියක් ඒ කරුණු වල මම දකින්නෙ නැහැ. මුලාශ්‍ර එකතු කරාම පව් පිරෙනවා, අපායේ යනවා කියලා විහිලු සහගත කරුණු කියමින් සංශෝධනයන් හේතුරහිතව ඉවත් කරා. ඒ නිසයි ඔබේ ලිපිය වෙන් කර වෙනම පිටුවක් හැදුවේ. ඔබට විකිපීඩියා සංශෝධනය ගැන දැනුමක් නෑ. ඔබ කඩාකප්පල්කාරි ලෙස පිටු විනාශ කරනවා. ඔබ මේ සාකච්ඡා පිටුව පවා විනාශ කරා. ඔබ සිටින්නේ අන්ධ භක්තියක. ඒකට ඔබ විකිපිඩීයාව මෙවලමක් කරගන්නවා.
කරුණාකර මෙම පිටු පරිශීලනය කොට ගුණාත්මක සංශෝධන කරන්නේ කොහොමද කියලා ඉගෙන ගන්න. විකිපීඩියා:මධ්‍යස්ථ දෘෂ්ඨිය විකිපීඩියා:සම්භූති චින්තනයෙන් වැළකෙන්න Mili977 (talk) 14:20, 4 ජූලි 2024 (යූටීසී)[reply]
@Mili977 ඉතින් එහෙනම් ඔබ ඉංග්‍රිසි ලිපිය ගොස් බලන්නකො එහිද තිබෙනවා මූලාශ්‍ර නොමැති කාරණා. බුදු දහමේ මූලාශ්‍ර කියන්නෙ පොත් පත් විතරක් නෙමේ. පොත් පත් වලට කාරණා සැපයෙන්නෙද රහතන් වහන්සෙලා හා බුදුවරුන්ගෙන්, එහෙමත් නැත්තම් ඉන්දියාවේ රිශිවරුන්ගෙන්, අද තිබෙන ත්‍රිපිටකය පවා එහෙමයි තිබෙන්නේ. අද වුනද රහතන් වහන්සෙ නමක් කොහේ හො සිටියත් උන්වහන්සෙ කියන දේවල් ඔබ පිලිගන්නෙ පොතෙ තියෙන රෙෆරන්ස් වලින්ද?. විද්‍යාව, ඉංග්‍රිසි, ආර්තික විද්‍යාව, භාශාව, වගෙ කාරණා කමක් නැ රෙෆෙරන්ස් කලාට. බුහු දහම  ඔබ රෙෆෙර්න්ස් කරල ලිපියක් ගහනවනම් ඉතින් මොඩ කම පිලිඹිබු වෙ. පිටරට මහා‍යන දර්ශනය එහෙම කරනව සුද්දො අතර ප්‍රසිද්ද නිසා. දම්ම වීල් කියල වෙබ් අඩවියක් තියෙනව, එකෙද සුඩ්දොන්ට ප්‍රශ්නයක් මෙ තෙරවදි බුදු ඩහමෙ තියෙන රෙෆෙර්න්ස් කරන ක්‍රමවෙදය. අද ඔබ අමිතභ බුඩ්බුන් වහන්සෙවනෙ විශ්වස කරන්නෙ. උන්වහන්සෙ හිටියත් ඔබ විශ්වස කරන්නෙහ් පොතෙ තියෙන දෙ. අපේ ගෞතම බුඩ්දුන් වහන්සෙගෙ කලෙත් එහෙම අය හිටිය, වෙදය කියල ග්‍රන්තයක් බදගෙන බුදු හමුදුරුවන්ගෙ කිහිලි වලින් දාඩිය දම්නනව කියල කියගෙන අව. ඔබ බෞද්ද විශ්ව විද්යලයෙන් නෙ ඉගෙන ගත්තෙ...මෙව නොදැන ගෙන වෙන්න ඇති මෛත්‍රී බුදුන් වහන්සෙ , සහ බොසතනන් වහන්සෙ ගැන ලියන්නෙ. මම හරි හැටි කාරණ දැනගෙන තමඉ විග්‍රහ කරන්නෙහ්. ඔබ කියනවනම් බොරුඉ කිය. මට ප්‍රශ්නයක් නැ. එක ඔබෙ වැඩක්. නමුත් එකෙන් අනිත් අයට එ දැනුම නැති කිරිම මහ විනශ කාරි ක්‍රියවක්.
වැඩිය ඔනේ නැ, ඉංග්‍රිසි බසින් රචිත මෛත්‍රි බොසතාණන් වහන්සෙ ගැන කියන එකත් ඔබ පිලිගන්නෙ නැනෙ, එකනෙ ඔබ කියන්නෙ ඔබ ගෙඩිය පිටින් දන්නෙ නැ කියා. එහෙනම් ඉතින් එක වෙනස් කරානම් ඉවරයි නෙ. අපට පාට් දන්නෙ නැතුව. Thanuka99 (talk) 14:36, 4 ජූලි 2024 (යූටීසී)[reply]
@Mili977 මට ඔබ එක්ක වාද කර කර කාලය නාස්ති කරන්නට බැ. @Lee ලී මෙ කෙම්න්ට් කියවා ඔබම තින්දුවක් ගන්න. මම කතා කලෙ නැතිවෙමින් යන අවුරුදු 2500ක් පැරණි අපෙ ස්වමිණ්වහන්සෙලා සහිත දේශනාවලිනුත් පොත් පත් වලිනුත් මම ගෙන ආ කාරණා. කෙනෙකුට අවශ්‍යනම් ගිහින් බලන්න පුලුවන්. ලී තව කාරණාවක්, මිලි විසින් රචිත පිටුවෙ රෙෆරන්ස් ඉංග්‍රිසි පරිවර්තකයන්ගෙ ලිපි, මම කියෙව්ව, සමහරක් එවා ඔහේ දමා තිබෙනවා, Eyata හිතෙන හිතෙන එක Citation දමා තිබෙනවා. Apa style ekath updated naha. ඒ ගැනත් විමසිලිමත් වුනොත් හොදය. මොකද ල්ංකවෙ විශ්ව විද්යල වල කරන දෙවල් මම නොදන්න කෙනෙක් නොවේය. Thanuka99 (talk) 14:44, 4 ජූලි 2024 (යූටීසී)[reply]
@Thanuka99 මේ විකිපීඩියා තුළදී බුදු දහම නෙමෙයි ලෝකෙ මොනම ආගමක් වුණත් ආගමක් විතරයි. විකිපිඩියා තුල බුදු දහම කියන්නේත් ලෝකයේ තියෙන සියලුම ආගම් දර්ශන වලින් තවත් එක් ආගමක් පමණයි බුදුන් වහන්සේ කියන්න ඉන්දියාවේ හිටපු ශ්‍රමණ ගුරුවරුන් අතරින් තවත් එක් ගුරුවරයෙක් පමණයි.ඔබ බුදුදහමට මූලාශ්‍ර අරගෙන කරන්න බැහැ කියන එක ඔයාගේ පුද්ගලික මතයක් පුද්ගලික විශ්වාසයක්. නමුත් මේ රටේ හැමෝම බුද්ධාගම පිළිගන්නෙත් නෑ. වෙනත් ආගමිකයනුත් ඉන්නවා. ලෝකයේ හැමෝම බුද්ධාගම පිළිගන්නෙත් නෑ. ඒ වගේම විකිපිඩියා කියන්නේ ධර්ම මණ්ඩපයකුත් නෙවෙයි. ඒ නිසා මෙතන බුදුදහම විතරක් නෙමේ ඕනම ආගමක් reference කරනවා. ත්‍රිපිටකයත් reference කරනවා බයිබලය කුරාණය භගවත් ගීතාව ආදී ග්‍රන්ථත් reference කරනවා. මොකද විකීපිඩියා තුළදී ඔය සියල්ලම ලෝකයේ විවිධ ආගම් දර්ශනවලට අයත් එක් එක් ධර්ම ග්‍රන්ථ පමණයි. මේ ව්‍යාපෘතිය නිර්මාණය කරලා තියෙන්නේ ධර්ම ප්‍රචාරණය සඳහා නොවේ ධර්ම ප්‍රචාරණය සඳහා නිර්මාණය කරලා තියෙනවා නම් මේකට විශ්ව කෝෂයක් කියලා කියන්නේ නෑනේ. ඔතනින් එහාට මගෙත් එක්ක වාද කරන්න එපා. මට හැකි සෑම පිටුවකටම බෞද්ධ ද හින්දු ද වෙනත් ආගම් ද කියලා අදාල නැහැ reference කරන්න පුළුවන් තැන මම reference කරනවා. මොකද මට අවශ්‍ය විකියාපීඩියා ලිපි වලට යම් ප්‍රමිතියක් ලබාදෙන්න. නැතුව ඔබ වගේ ආගමක් වෙනුවෙන් අන්ධව හිතට එන පදනමක් නැති කරුණුත් මේකට මම දාන්නේ නෑ. Mili977 (talk) 16:57, 4 ජූලි 2024 (යූටීසී)[reply]
@Mili977ඔයා මෙහෙමයි එක මතයකට එන්නට බැ ලංකාවෙ මිනිස්සු බුදු දහම පිලිගන්නේ නැ කියා, එකට තව කල් තියෙනවා, කොහොත් ගහක අරටුව විනාශ වෙනකන් පොත්ත රැදි තිබෙ, ගහක පොත්තත් ආරක්ශා කරන්නෙ ඔබේ මේ දැනුමෙන්. ඔබ කොහොමත් අකුසල් විශ්වාස කරන්නේ නැනෙ, එවා බොලද තර්ක ඔයාට. හරි එහෙම නම්, ඔබ මෙ මහා අසු හාරදහසක ධර්ම්ස්කන්දය කියවලා ලිව්වත් ඔබට විතරක් නෙමේ මටද මෛත්‍රි බුදුන් වහන්සෙ ගැන කියන්නට හොයාගන්නට අපහසුය. නිදහස් විශ්ව කොශයක් වෙන්නෙ දැනුම නිසා මිසක් භාශවක් නිස නෙමේ. මේ විකිපිඩියව ආරක්ශ කරගන්න මමත් ඔස්ට්‍රෙලියවෙ ඉදන් ඩොලර් දුන්න ආරක්ශ කරන්න. මෙ ක්‍රමය වැහෙන්නඉ ගියෙ. නමුත් ඔබ කරන ක්‍රම වෙදයෙන් මමනම් අයෙ ඩොලර් සතයක් වත් විහදම් කරන්නෙහ් නැත. හෙතුව ඔබ කරන සංස්කෘතික භෞද්ද විනශය නිස, ඔබගෙ ලිපියෙ පටන් ගැනිම හොදය, නමුත් අවසනයට ලන් වෙත්ම කියවන්න දන්නව මහයානික ආභශය කා වැදු භව. එක මම කියවන්නට භර දෙමි. බොහොම ස්තුටි මගෙ ලිපිය ඔබෙ පිටුවෙ තියෙන එකට. එකට ඔබට ප්‍රණාමය, නමුත් එ ප්‍රශන්සව නිසා මාණයක් අත්පත් කරගන්නවනම් එක ඔබෙ මොඩකම.
ඔබ සිතනවනම් මෙ අපේ රට බෞද්ධ තෙරවාදි රටක් නොවේ කියා, එහෙනම් වැඩි කාලයක් අපෙ රටෙ පිරිහිම ගැන මා ඔබට කිව යුතු නැ, දැනටමත් ලංකාවෙ බුදුන් වහන්සෙ බුදු වූ බව මතය ආ දවසෙ ඉදන්ම ලංකාව යන්නෙ පිරිහිමෙ දිශාවටය, ඔබ ගෙන එන මෙ මහායාන දර්ශනයද ලංකාවෙ ප්‍රචලිත කිරිමට ඔබ අවශ්‍යතාවයක් අමීතාභ බුදුන් වහන්සෙගෙ වචනය ලිපියට ගෙන එමෙන්න පෙනෙනව. කොහොමත් ඉතින් බෞද්ධ සංස්කෘතියට ගැහලා විනාශකාරි කරාම එකේ ප්‍රතිඵලය තමයි කන්න බොන්න මිනිස්සුන්ට සහා සිංහල භශවම ලොකෙ මැකියන භශ අතරට එකතු වීම. එකට වැඩි කල් නැ. මගෙ නිගමනය අනුවනම් 2100දි වෙවි අනුමනයකට අනුව. Thanuka99 (talk) 17:24, 4 ජූලි 2024 (යූටීසී)[reply]
@Mili977 මම අන්ධ විශ්වාස දාලා නැ, එහෙම දාන්න තියෙනවම් තව ගොඩක් තියෙනව, පන්සිය පනස් ජාතක පොතේ එන කතාවක් තමයි මම විග්‍රහා කර තිබුනෙ, ඒ කතාවෙත් ස්වමිණ් වහන්සෙ නමක් හිත දියුණු කරගත්ත ස්වමිණ් වහන්සෙ කෙනෙක් දේශනා කරනවා එහි ඉතුරු කොටස් ටික භාවණා කරලා. අනිත් එක එවැනි රෙෆරන්ස් තමයි ප්‍රභල සාක්ශි...පොත් වලින් ගෙන ආ සාක්ශි වලට වඩා අර සාක්ශි නිවරැදි, අනෙක් කාරණය නම්, ඔබ මට සිගිති භාශාව පාවිච්චි කලා ලෙස බණිනව. ඔබේ සිංහල භශාඅව හසුරුවිම මට වඩ දියුනුය, නමුත් බුදු දමෙ දැනුන අතින් ටිකක් ඖල් සහගතය. මොකද ඔබ ෆැන්ටසි දෙවල් විශ්වස නොකරන නිසා. එකට මම මුකුත් කියන්නෙ නැ. ඉපදුන දවසෙ ඔබ බැලුවොත් අත්පය ලැබුනෙ කොහොමද කියල ෆැන්ටසි විය යුතුමඉ..
ගැනු පිරිමි ශරිර වල වෙනස්කම් මැජික් තමඉ...ෆැන්ටසි..එහෙම විශයක් හින්දු ආගම් වලත් තියෙනව එකට කියන්නෙ එර්දි කියල.
ඒ පිලිබදව විශයක් ඉන්දියවෙ තියෙනව, එකට කියන්නෙ ගාන්දාරි විශය කියල.. මෙ විශය ඉගෙන ගට්තම ලෞකික මැවිම් අඩටත් කරන්න පුලුවන්. ඉතින් ඔබෙ නොදන්න භවය ගැන මට කණගටුඉ.
අනිත් එක මම ලිපි ලියන්නෙ කුඩ දරුවෙකුට පව තෙරෙන විදියට..නැතුව මහචර්‍ය ආචර්‍ය පදවි ගට්ත අයට ලියන්නෙ නහ..
අනිත් කාරණය නම් ඔබ මට කියනව ආගමික ප්‍රවර්ඩ්බනය විකි පෙඩිය තුල විග්‍රහ කරන්න එප කියල...ඔබ බුදු ඩහම ගැන ඉගෙන ගෙන එ දෙයක් විග්‍රහ කරම එක කොහොමත් ධර්මයට සතු වෙනව...විද්යවෙන් කවුරුවත් මෛත්‍රෙව් බොසතනන් වහන්සෙ ගැනවත්, මෛත්‍රී බුඩුන් වහන්සෙ ගැනවත් කියවන්න එන්නෙහ් නැ. ඒ අය කියවන්නෙ මෛතී බොසතනන් වහන්සෙ කවුද? මොකද්ද උන්වහන්ස්ගෙ විශෙශත්වය...එක දැනගන්න මිසක්...අර පිලිමෙ හඩුවෙ කොහෙද කොcචර කලෙකින්ඩ..කොච්චර සතවර්ශ ගනකින්ඩ...ඔහොම ඉතින් සිංහල පිටුව බලන්න ඔනේ නැනෙ..ඉංග්‍රිසි එක බැලුවනම් ඉවරඉනෙ..කතව අවසන්. Thanuka99 (talk) 18:06, 4 ජූලි 2024 (යූටීසී)[reply]
මට වෙලාවක් නැ ඔබට අකුරු ඉස්පිලි පාපිලිවලින් ටයිප් කරන්න. ඒ සදහා මම සින්ග්ලිශ් ඇප් එකකින් තමයි ඔබට මෙ ඉදිරිපත් කරන්නේ...සිදුවෙන අපහසුතාවයට කණගාටුව ප්‍රකාශ කරමි. Thanuka99 (talk) 18:31, 4 ජූලි 2024 (යූටීසී)[reply]
@Mili977 අනිත් එක ඔබ මෙ විකිපිඩියාවල අන්තර්ජාතික මට්ටමට ගෙනියන්න හදන කෙරුවාවෙන් ඔබට සල්ලි හරි තාන්න මාන්න ලැබෙනවනම්, මම නිහඩ වෙන්නම්. කොහොමත් අපෙ රට දුප්පත් වෙමින් යන්නෙ. ඉතින් මිනිස්සුන්ගෙ ඔලුවල දුවන්නේ පිස්සු විකාර. ඉතින් මට වැටහෙනවා ඔබේ අන්තර්ජාතික කිරිමෙ ආශාව මොකද්ද කියා. නමුත් මිලි ඔබට ඔය ක්‍රියාව අනෙක් එවාට කරන්නට පුලුවන්, නමුත් මිනිස්සුන්ගෙ විශ්වාස භක්තිය ගෞරවය ඇතිවන තැන් වලට ඇවිත් අන්තර් ජාතික මට්ටමට ගෙන යෑම ලෙස හැදින්විමම එන්ජිඔ සමගම් වලින් මුදල් පොම්ප කරන බවඉ පෙනි යන්නේ. කොහොම වෙතත් නොදන්න දෙවල් විශෙශයෙන් බුඩ්බු ඩහම වගෙ විශයක් දන්නව ලෙස සිතගෙන ඔය කරන වැඩෙන් විනස වෙන්නෙම ඔබ ආසවෙන් ලිඛිත භශස හුවා දකව ලියන භශවමඉ. එකට වැඩි කලක් නොමැත..කුරාණග පව ඔබ විග්‍රහ කරන්න ගියොත් විකිපිඩිය වල මුස්ලිම් කරයෙක් දැනගට්තොත් ඔබව හොයගෙන විනස කරනකම් නින්ද යන එකක් නැ ඔවුන්ට. ඒ නිස එව වලින් ඇත්ව මමනම් කියන්නෙ රාවන, ඔය රජවරු ඉතිහසය වගෙ එව ඔබට අවශ්ය විද්යට හසුරව ගන්න කිය. මම සිංහලයෙක් හැටියට ඔබට දෙන වචනයක්, මිත්‍රයෙක් හැටිටට හො ජතික ලේ වලින් ඉපදුනු සහොදරයෙක් හැටියට දෙන ලද පණිවිඩයක් බව මතකෙ තබ ගන්න. තෙරුවන් සරණඉ. අහ් නැ, අමිතභ සරණඉ. Thanuka99 (talk) 18:27, 4 ජූලි 2024 (යූටීසී)[reply]
@Mili977 Thanuka99 (talk) 07:10, 4 ජූලි 2024 (යූටීසී)[reply]
@Mili977 Thanuka99 (talk) 07:11, 4 ජූලි 2024 (යූටීසී)[reply]
@Mili977 Thanuka99 (talk) 07:14, 4 ජූලි 2024 (යූටීසී)[reply]
@Lee මට සමාවෙන්න මෙ කමෙන්ට්s ඉවත් කලාට, හෙතුව කිසිදු දෙයක් මෛත්‍රි බුදුන් වහන්සෙ හො බොසතාණන් වහන්සෙ ගැන ගත යුත්තක් නොමැති නිසා මා ඉවත් කලෙ. ඔබට බාරය ලී තින්දුව. Thanuka99 (talk) 14:20, 4 ජූලි 2024 (යූටීසී)[reply]
එහෙම ඉවත් කරන්න එපා. මේ සාකච්ඡා අනෙක් අයත් කියවනවා නේ. තැන් තැන් වල කොටස් අඩු වුනාම වැරදි අදහස් ඒ අයට යන්න පුළුවන්. පස්සෙ ඉවත් කරන්න හිතෙන දේවල් කියන්නේ නැතුව ඉන්න එක තමා හොඳම දේ. මොකද කොහොම කළත් පිටුවේ ඉතිහාසයේ ඒවා ඉතිරි වන නිසා. -- Lee (talk) 14:54, 4 ජූලි 2024 (යූටීසී)[reply]
@Lee හරි ලී මට සමාවෙන්න. Thanuka99 (talk) 14:56, 4 ජූලි 2024 (යූටීසී)[reply]

ලිපියේ නාමය[සංස්කරණය]

මෛත්‍රි බුදුන් වහන්සෙ ලෙස නම යෝජනා කළේ ඇයි? මෛත්‍රි බුදුන් වහන්සේ නෙමෙයි ද විය යුත්තේ? -- Lee (talk) 15:21, 1 ජූලි 2024 (යූටීසී)[reply]

@Thanuka99 සමාවන්න, ටැග් කිරීමට අමතක වුනා. -- Lee (talk) 15:22, 1 ජූලි 2024 (යූටීසී)[reply]
මෛත්‍රි බුදුන් වහන්සේ නම හරිය, මෙතෙ බුදුන් ලේසත් සිංහල සංස්කෘතියේ වර්ණ ගන්වනවා, එ වගෙම මෛත්‍රි බොදිසත්ව ලේස හදුන්වීමක් තිබෙ බුදු වීමට ප්‍රථම උන්වහන්සෙ ලොකෙට කරන සෙවාව අළලා. කෙසෙ නමුත් මෛත්‍රි බුදුන් නැතහොත් මෛත්‍රි බුදුන් වහන්සේ ලෙස වචනය නිවරැදි Thanuka99 (talk) 15:27, 1 ජූලි 2024 (යූටීසී)[reply]