Jump to content

ෆුල්ෆර්ඩ් සටන

විකිපීඩියා වෙතින්
ෆුල්ෆර්ඩ් සටන
වයිකිංවරුන් විසින් බ්‍රිතාන්‍යය ආක්‍රමණය කිරීම් හි කොටසකි
දිනය20 සැප්තැම්බර් 1066
පිහිටුම53°55′52″N 1°04′12″W / 53.931°N 1.070°W / 53.931; -1.070ඛණ්ඩාංක: 53°55′52″N 1°04′12″W / 53.931°N 1.070°W / 53.931; -1.070
ප්‍රතිඵලය නෝර්වීජියානු ජයග්‍රහණය
භුමිප්‍රදේශාත්මක
වෙනස්වීම්
නෝර්වීජියානුවන් විසින් ෆුල්ෆර්ඩ් අත්පත් කර ගත් අතර පසුව යෝර්ක් ප්‍රදේශය අත්පත් කර ගති
යුද්ධාවතීරයන්

නෝර්වේ රාජධානිය

ඉංග්‍රීසි කැරලිකරුවෝ
එංගලන්ත රාජධානිය
ආඥාපතියන් සහ නායකයන්
හැරල්ඩ් හැඩ්රාඩා
ටොස්ටිග් ගොඩ්වින්සන්
නොතම්බ්‍රියාවෙහි මොර්කාර්
මර්සියාවෙහි එඩ්වින්
හමුදාමය ප්‍රබලතාවය
10,000 (නිමානය) 5,000 (නිමානය)
අපාතිකයන් සහ හානි
900 (නිමානය) 750 (නිමානය)

එංගලන්තයෙහි, යෝර්ක් අසබඩ, ෆුල්ෆර්ඩ් ගම්මානයෙහි අවට ප්‍රදේශයෙහිදී[1] 1066 සැප්තැම්බර් 20 දිනදී, ෆුල්ෆර්ඩ් සටන පිළිබඳ සටන් ඇතිවුනේ, හැරල්ඩ් හැඩ්රාඩා (පැරණි නෝර්ස් බසින් "හර්ඩරාඩි" යන්නෙහි අර්ථය වූයේ "තද පාලකයා" යන්නයි) ලෙසින්ද හැඳින්වුනු, නෝර්වේහී තුන්වන හැරල්ඩ් රජ, සහ ඔහුගේ ඉංග්‍රීසි මිත්‍ර පාක්ෂික ටොස්ටිග් ගොඩ්වින්සන් විසින්, උතුරුදිග අර්ල්වරුන් වූ එඩ්වින් සහ මොර්කාර් සමග සටන්වැදී ඔවුන් පරාජය කිරීමත් සමගය. [1][2] [3]

ටොස්ටිග් යනු හැරල්ඩ් ගොඩ්වින්සන් රජුගේ පිටුවහල් කෙරුණු සහෝදරයා විය. නෝර්වේහී හැරල්ඩ් රජු සමග හා සමහරවිට නෝර්මන්ඩියෙහි විලියම් ආදිපාදවරයා සමගද හෙතෙම මිත්‍රපාක්ෂික වූවද, ඔහුගේ ආක්‍රමණ පසුපස වූ හේතූව පිළිබඳ වාර්තා නොමැත. සටන වෙතින් වයිකිං හමුදාව වෙත තීරණාත්මක ජයග්‍රහණයක් ලැබ දුණි. යෝර්ක්හී අර්ල්වරුන්ට ඔවුන්ගේ නගරවල ප්‍රාකාර බිත්ති පිටුපස සැඟවීමට හැකියාව තිබුණද, ඔවුහූ ගඟ තරණය කොට පැමිණ වයිකිං හමුදාවට මුහුණ දුන්හ. දිනය පුරාවටම ඉංග්‍රීසීහු විසින් වයිකිංවරුන් විසින් සැදි මිනිස් ආරක්ෂක පලිහ බිඳීමට ගත් දැඩි වෙහෙස ව්‍යර්ථ විය.

නොතම්බ්‍රියාවෙහි අර්ල්වරයා ලෙසින් ඔහු වෙනුවට පත්වුණු මොර්කාර් අර්ල්වරයා විසින් ටොස්ටිග්ට එරෙහිව සටන් වදින ලදි.[4]

සටහන්[සංස්කරණය]

  1. 1.0 1.1 දව්රීස්. ද නෝර්වීජියන් ඉන්වේෂන්. පිටු. 255–259.
  2. රොස්, ඩේවිඩ්. "ද බැට්ල් ඔෆ් ෆුල්ෆර්ඩ්". බ්‍රිට්න් එක්ස්ප්‍රස්. සම්ප්‍රවේශය 13 ජනවාරි 2016.
  3. "බැට්ල් ඔෆ් ෆුල්ෆර්ඩ්". යූකේ බැට්ල්ෆීල්ඩ්ස් රිසෝර්ස්. ද බැට්ල්ෆීල්ඩ්ස් ට්‍රස්ට්. සම්ප්‍රවේශය 13 ජනවාරි 2016.
  4. හොවාර්ත්, ඩේවිඩ් (1977). 1066; ද ඉයර් ඔෆ් ද කොන්ක්වෙස්ට්. ඩෝර්සෙට් මුද්‍රණාලය. ISBN 0-88029-014-5.

ආශ්‍රිත[සංස්කරණය]


  • වුඩ්, මයිකල් (2005). ඉන් සර්ච් ඔෆ් ද ඩාක් ඒජර්ස්. ලන්ඩනය: බීබීසී. ISBN 978-0-563-52276-8.

බාහිර සබැඳි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=ෆුල්ෆර්ඩ්_සටන&oldid=407038" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි