Jump to content

පරිශීලක සාකච්ඡාව:Mili977

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

කරුණාකර දැනට අන්තර්ගතයක් පවතින පිටු හිස් කිරීමෙන් වලකින්න!--Lee (talk) 12:30, 21 අප්‍රේල් 2020 (යූටීසී)[reply]

ඔබ විසින් පෙර අවවාද නොතකා සිවු හෙල පිටුව හිස් කර ඇති බව නිරීක්ෂණය කළෙමි. මෙය ඔබට කෙරෙන දෙවැනි අවවාදය ලෙස සලකන්න. පණිවිඩය ලද බව තහවුරු කරන්න. අවවාද නොසලකා දිගටම විනාශකාරී හැසිරීම් දක්වන්නේ නම් ඔබගේ ගිණුම වාරණය කිරීමට සිදුවන බව සලකන්න.--Lee (talk) 03:38, 10 සැප්තැම්බර් 2020 (යූටීසී)[reply]
කල්පය පිටුව හිස් කර ඇති බව නිරීක්ෂණය කළෙමි. මෙය ඔබට කෙරෙන තෙවැනි අවවාදය. Lee (talk) 05:46, 20 නොවැම්බර් 2020 (යූටීසී)[reply]

ආයුබෝවන්[සංස්කරණය]

ඔබතුමා තාමත් මෙම ව්‍යාපෘතිය එක්ක ඉන්නවා ද? මට පොඩි ගැටළු කිහිපයක් තිබෙනවා කරුණු දැනගැනීමට. --Lee (talk) 08:05, 12 ජනවාරි 2021 (යූටීසී)[reply]

ඔව් කියන්න. Mili977 (talk) 04:13, 17 නොවැම්බර් 2021 (යූටීසී)[reply]
දැන් නම් ප්‍රශ්න මතක නෑ නේ! :-) Lee (talk) 16:08, 10 දෙසැම්බර් 2021 (යූටීසී)[reply]
ත්‍රිපුර සුන්දරි පිටුවේ මුලාශ්‍ර සහිත කරුණු යම් කෙනෙක් අනවශ්‍ය ආකාරයට ඉවත් කරනවා. ඒ පිළිබඳව ටිකක් සොයා බලන්න. Mili977 (talk) 15:33, 11 දෙසැම්බර් 2021 (යූටීසී)[reply]
ත්‍රිපුර සුන්දරී පිටුවේ ආරක්ෂණ තත්ත්වය ඉහළට ගෙන ගියා! Lee (talk) 16:26, 11 දෙසැම්බර් 2021 (යූටීසී)[reply]

ස්තූති Mili977 (talk) 17:17, 11 දෙසැම්බර් 2021 (යූටීසී)[reply]

භුවනේශ්වරී පිටුවත් ටිකක් බලන්න යම් කෙනෙක් මුලාශ්‍ර රහිත කරුණු දමමින් විකුර්ති කරනවා Mili977 (talk) 16:55, 12 දෙසැම්බර් 2021 (යූටීසී)[reply]

භුවනේශ්වරී - YesY කළා Lee (talk) 05:00, 13 දෙසැම්බර් 2021 (යූටීසී)[reply]
ස්තූති Mili977 (talk) 07:15, 13 දෙසැම්බර් 2021 (යූටීසී)[reply]

A barnstar for you![සංස්කරණය]

The Original Barnstar
ඔබගේ සේවය අගය කරමි. Sameera94 (talk) 03:46, 11 අගෝස්තු 2021 (යූටීසී)[reply]

මහ පොළොව සහ පෘථිවිය[සංස්කරණය]

ඔබ විසින් ඉහත මහ පොළොව සහ පෘථිවිය පිටුවල සිදු කළ වෙනස්කම් ඉවත් කිරීමට සිදුවිය. එසේ පිටු හිස් කොට වෙනත් නාමයකට අන්තර්ගතය ගෙන යාම සාමාන්‍යයෙන් නොකළ යුතුය. මාතෘකා පිළිබඳ ගැටලුවක් වෙතොත් කරුණාකර සාකච්ඡා පිටු තුළ ප්‍රකාශකොට ප්‍රජා එකඟ තාවයකට පසුව පිටුව ගෙන යමු. -- Lee (talk) 10:18, 6 අප්‍රේල් 2023 (යූටීසී)[reply]

Requests for adminship[සංස්කරණය]

මෙම පිටුව, අත්හදා බැලීමක් ද? -- Lee (talk) 13:39, 13 දෙසැම්බර් 2023 (යූටීසී)[reply]

මට පරිපාලකත්වය සඳහා අයදුම් කිරීමේ උපදෙස් මදක් අපහැදිලි කරුණාකර අයදුම් කරන ආකාරය පැහැදිලි කළ හැකිද? Mili977 (talk) 17:29, 16 දෙසැම්බර් 2023 (යූටීසී)[reply]
මගේ ගණනය කිරීම් වලට අනුව නම් තවම ඔබ ඒ සඳහා සුදුසු නැත. ක්‍රමවේදය නම් බොහෝ දුරට ඉංග්‍රීසි එකට සමානයි. සුලු සුලු වෙනස් කම් කිහිපයක් හැර. ඉහත සඳහන් අත්හදා බැලීමේ පිටුව මම ඉවත් කරනවා. -- Lee (talk) 05:09, 17 දෙසැම්බර් 2023 (යූටීසී)[reply]

සංශෝධන සම්බන්ධව[සංස්කරණය]

@Lee ඔබ ඇත්තටම සිතනාවද මා මේ ව්‍යාපෘති වසා දැමීමට උත්සාහ කරනවා කියලා. සමාවෙන්න මම කරන සංශෝධනයන් ඉංග්‍රීසි එක හා සමානවයි කරන්නේ ඒකට හේතුවක් යම් කිසි ප්‍රමිතියකින් යුතුව කරුණු දැක්වීමට අවශ්‍ය නිසා. යම් යම් වෙලාවට මම ලිපි වල කිසිම මූලාශ්‍රයක් උපුටා නොදක්වන කරුණු දැක්වෙන ලිපි තියන කොට ඒ කරුණු සංශෝධනය කරලා මුලාශ්‍ර එකතු කරනවා. මොකද මම මෙකේ දැකලා තියෙනවා එකිනෙකා තමන්ගේ පුද්ගලික බොරු බේගල් පවා දාලා පිටු හදලා තියෙනවා. සමහරු තමන්ගේ මතයට එකඟ නැතිනම් පිටු හිස් කරපු අවස්ථා නැතිනම් අපහාසාත්මක අයුරින් කරුණු එකතු කරලා තියෙනවා මම දැකලා තියෙනවා. මම දන්නවා ලාංකීය ජනශ්‍රැති සහ පුද්ගලික විශ්වාස බොහෝමයක් තියෙනවා. නමුත් ඒවා ඔක්කොම ඔබ්බලා අච්චාරුවක් වගේ පිටු පල කරොත් සිංහල විකිපීඩියා පිටු වල කිසිම ප්‍රමිතියක් නැති වෙනවා. තනුක කරන සංශෝධනයන් වල භාෂාව සහ ව්‍යාකරණ දෝෂ බොහෝ තිබෙනවා. සමහර නම් ගම් පවා වැරදි දක්වා තිබෙනවා. නමුත් ඒවා සංශෝධනය කරාම මගේ පිටු එවා වෙනස් කරන්න එපා කියලා අනවශ්‍ය කතා කරනවා. අනික ඔහු බොහෝමයක් පිටු විනාශ කරනවා. මෛත්‍රි බුදුන්ගේ සාකච්ඡා පිටුවත් විනාශ කොට තිබුනා. මට අවශ්‍ය මේ ලිපි යම්කිසි ප්‍රමිතියක් ඔස්සේ රැගෙන එන්න පමණයි. Mili977 (talk) 13:51, 4 ජූලි 2024 (යූටීසී)[reply]

@Lee ඔබත් බෞද්ධ මාත් බෞද්ධ නමුත් අපි මෙතන බෞද්ධ කියලා අපි විශ්වාස කරන කරුණු ටික විතරක් පල කරලා ඉතුරු ඒවා ටික අයින් කරොත් හරිද? මට ගොඩක් බෞද්ධ චරිත ගැන අනෙක් නිකායන් තුළ දක්වන ආකාරයන් ගැන, ඓතිහාසික පසුබිම ගැන, වෙනත් සාහිත්‍යම මුලාශ්‍ර ගැන උප මාතෘකා ඔස්සේ හරි කරුණු එකතු කරන්න බැහැ මොකද මේක සිංහල බෞද්ධ රටක් ඒ කරුණු සිංහල බෞද්ධ සංස්කෘතියට එකඟ නෑ, පාපකාරි වැඩ, නිරයේ යනවා කියලා තනුක ඒවා ඉවත් කරනවා. මොන බොළඳ වැඩක්ද ඒ? ඔහු කරන දේ නිවැරදි ද? දැන් මෛත්‍රී බෝධිසත්ත්වයන් ගැන ගත්තාම් එක විශාල පුළුල් මාතෘකාවක් දැක්විය යුතු කරුණු රාශියක් තිබෙනවා. ඒ වගේම තමයි අනෙක් චරිතත්. එතකොට තනුකගේ ක්‍රියාකලාපය එක්ක බැලුවොත් එක චරිතයට පිටු ගණනාවක් හදන්න වෙනවා. Mili977 (talk) 13:59, 4 ජූලි 2024 (යූටීසී)[reply]
මම කියපු දේ ආයෙ කියවලා බැලුවොත් ඔබට තේරෙයි මම එහෙම දෙයක් අදහස් කරලා තියෙනවා ද නැත්ද කියලා. අනෙක මම ඒ කියපු එක කිව්වේ මම ඔහු පැවසූ දෙය ගැන දැනුවත් බව කියා සිටීමට. ඔබත් අවුරුදු ගණනාවක් මෙම ව්‍යාපෘතියේ හිටපු නිසා දන්නවා ඇති නේ, මම කියන්නේ මොනවා ගැන ද කියලා? අනෙක් කරුණ ගැන මෙතන කතා කරලා වැඩක් නෑ; ඔබ තව ටිකකින් මේ සාකච්ඡාවත් ඉවත් කරයි නේ. එක නෙමෙයි, ශුවර් ද මම බෞද්ධ කියලා? :-) -- Lee (talk) 15:03, 4 ජූලි 2024 (යූටීසී)[reply]
@Lee මම දන්නේ ඔබ හරියට බෞද්ධ ද කියලා මම අනුමාන කළා පමණයි. Mili977 (talk) 15:42, 4 ජූලි 2024 (යූටීසී)[reply]
"https://si.wikipedia.org/w/index.php?title=පරිශීලක_සාකච්ඡාව:Mili977&oldid=685803" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි