Jump to content

සාරිපුත්ත රහතන්වහන්සේ

විකිපීඩියා වෙතින්
(සැරියුත් රහතන්වහන්සේ වෙතින් යළි-යොමු කරන ලදි)
සාරිපුත්ත මහා රහතන්
සාරිපුත්ත මහා රහතන් වහන්සේට දානයක් පුජා කරන ආකාරයේ රුප සටහනක්.
ආගමබුදු දහම
සාරිපුත්ත මහා රහතන් වහන්සේ, සැරියුත් මහා රහතන් වහන්සේ, Sariputta, Sariyuth.
පෞද්ගලික තොරතුරු
උපතඋපතිස්ස (Pali: Upatissa)
නාලක සහා උපතිස්ස ගම්මානයේ, ඉන්දියාවේ, රජගහා,Rajgir, ඉන්දියාවේ මගධ ප්‍රාන්තයේ, Magadha
මරණයනාලක සහා උපතිස්ස ගම්මානයේ, ඉන්දියාවේ, රජගහා,Rajgir, ඉන්දියාවේ මගධ ප්‍රාන්තයේ, Magadha
Senior posting
පදවියන්ප්‍රථමත් ශ්‍රාවක (First chief disciple),දකුණත් ශ්‍රාවක (අගසව්) right hand side chief disciple, සංඝයාගේ කෙලවර වැඩ සිටි ප්‍රඤඤාවෙන් බුදුන්ට පමණක් දෙවැනි වූ.
ආගමික වෘත්තිය
ගුරුවරයාගෞතම බුදුන් වහන්සේ
ශිෂ්‍යෙයා්ගණන් කල නොහැකි ශ්‍රාවක පිරිසක්.
පවුල
දෙමව්පියෝසාරි බැමිණිය (අම්මා)
Śāriputra
පරිවර්තන
පාලිSāriputta
සංස්කෘතशारिपुत्र
Śāriputra
බුරුමရှင်သာရိပုတ္တရာ
(Shin Sāriputtarā)

(IPA: [ʃɪ̀ɴθàɹḭpoʊʔtəɹà])
චීන舎利弗
(පින්යින්Shèlìfú)
舎利子
(Pinyin: Shèlìzi
)
ජපන්සැකිල්ල:Ruby-ja
(rōmaji: Sharihotsu)
සැකිල්ල:Ruby-ja
(romaji: Sharishi
)
ඛෙමර්សារីបុត្រ
(UNGEGN: sareibŏt)
කොරියානු사리불
(ප්‍ර.රෝ.: Saribul)
사리자
(RR: Sarija
)
සිංහලසාරිපුත්ත
ටිබෙට්ཤཱ་རིའི་བུ་
(Wylie: shA ri'i bu)
(THL: sha ri bu
)
තායිสารีบุตร
(rtgsSaribut)
වියට්නාමXá Lợi Phất
Xá Lợi Tử
බුදු දහම ශබ්ද මාලාව

ශාරිපුත්‍ර (සංස්කෘත: शारिपुत्र; ටිබෙට්: ཤཱ་རིའི་བུ་), සාරිපුත්ත සහ සැරියුත් ලෙසින් හඳුන්වන්නේ බුද්ධ ශාසනයේ ඉහළම ශ්‍රාවකයන්ගෙන් එක් රහතන් වහන්සේ නමකි. උන්වහන්සේ මුගලන් තෙරුන් වහන්සේ සමඟ බුදුන්ගේ ප්‍රධාන පුරුෂ ශ්‍රාවකයන් දෙදෙනාගෙන් පළමුවැන්නා ලෙස සැලකේ. ශාරිපුත්‍ර තෙරුන් ගෞතම බුදුරජාණන් වහන්සේගේ සාසනය තුළ ප්‍රධාන නායකත්ව කාර්යභාරයක් ඉටු කළ අතර බොහෝ බෞද්ධ සම්ප්‍රදායන් තුළ බෞද්ධ අභිධර්මය වර්ධනය කිරීමේදී වැදගත් වූවක් ලෙස සැලකේ. උන්වහන්සේ බොහෝ විට තේරවාද සහ මහායාන සූත්‍රවල පෙනී සිටින අතර සමහර සූත්‍රවල බුදුදහමේ තේරවාදී ගුරුකුලය නියෝජනය කිරීමට ප්‍රතිවිරුද්ධ ලක්ෂ්‍යයක් ලෙස භාවිතා කරයි.

ඉතිහාසඥයන් විශ්වාස කරන්නේ ශාරිපුත්‍රයන් උපත ලැබුවේ ක්‍රිස්තු පූර්ව 6 වැනි හෝ 5 වැනි සියවසේදී පමණ පැරණි ඉන්දීය මගධ රාජධානියේ ය. බෞද්ධ ග්‍රන්ථවල සඳහන් වන්නේ ශාරිපුත්‍ර සහ මොග්ගල්ලාන ළමා කාලයේ මිතුරන් වූ අතර ඔවුන් තාරුණ්‍යයේදී අධ්‍යාත්මික අරුත සොයා ගිය අය බවයි. අනෙකුත් සමකාලීන ගුරුවරුන් සමඟ අධ්‍යාත්මික සත්‍ය සෙවීමෙන් පසු ඔවුන් බුදුන්ගේ ඉගැන්වීම් සමඟ සම්බන්ධ වී උන්වහන්සේ යටතේ පැවිදි වූ අතර පසුව බුදුන් වහන්සේ තම ප්‍රධාන ශ්‍රාවකයන් දෙදෙනා ලෙස ප්‍රකාශ කළහ. ශාරිපුත්‍රයෝ පැවිදි වී සති දෙකකට පසු රහත් බව ලැබූ බව පැවසේ.

ශාරිපුත්‍ර රහතන් වහන්සේ බුදුරදුන්ගේ වැදගත් සහ ප්‍රඥාවන්ත ශ්‍රාවකයෙකු ලෙස සැලකේ, විශේෂයෙන් ථෙරවාදී බුදුදහම තුළ උන්වහන්සේ දෙවන බුදුවරයෙකුට සමීප තත්වයක් ලබා දී ඇත. බෞද්ධ කලාවේදී, උන්වහන්සේ බොහෝ විට බුදුන් වහන්සේ අසල, සාමාන්‍යයෙන් උන්වහන්සේගේ දකුණට නිරූපණය කෙරේ.

ජීවන චරිතය[සංස්කරණය]

සාරිපුත්ත මහා රහතන් වහන්සේගේ ප්‍රතිමාවක්,

ථෙරවාද බෞද්ධ සාහිත්‍ය තුළ දැක්වෙන පිරිදි ඉන්දියාවේ රජගහනුවර ආසන්නයේ උපතිස්ස සහ කෝලිත යනුවෙන් කුඩා බ්‍රාහ්මණ ගම්මාන දෙකක් පැවතුනි. උපතිස්ස ගම්මානයේ “සාරි” නම් වූ බ්‍රහ්ම කාන්තවකට පුත් රුවනක් ලැබුණු දිනයේම කෝලිත ගම්මානයේ ගම් ප්‍රධානියාගේ බිරිඳ වූ “මොග්ගලී”නම් බමුණු කාන්හාවකට තවත් පුත් රුවනක් ලැබුණේය. මේ දෙදෙනාට උපතිස්ස සහ කෝලිත කියලා නම් තැබීය. පරම්පරා 7ක් පුරා මේ පවුල් ඉතා ලඟින් ඇසුරු කල හෙයින් කෝලිත සහ උපතිස්සත් ඉතා කිට්ටු මිතුරන් විය. සෑම වසරකම නගරයේ ඉතා උත්කර්ෂවත් අන්දමින් පවත්වන “ගිරග්ග සමජ්ජ” නම් නාට්‍ය සන්දර්ශනය බැලීමට මේ දෙදෙනාද නොවැරදීම සහභාගී වුවා. එක් වසරකදී “ගිරග්ග සමජ්ජ” නැරඹීමෙන් පසු යහලුවන් දෙදෙනා තුලම ජීවිතය පිලිබඳව ලොකු කලකිරීමක් ඇති වූ බව සඳහන් වේ. ජීවිතයේ සැබෑ ආනන්දය හා හරය කුමක්දැ’යි සොයා බලන්නට මේ තරුණයන් දෙදෙනා තුලම අදහසක් පහළ විය. ඉක්බිති ඔවුන් දෙදෙනාම තම පිරිසෙන් කොටසක් ද සමග එවක ප්‍රකට ආචාර්යවරයකුව සිටි "සංජය" නම් පරිබ්‍රාජකයාගේ කරාගොස් එතුමාගේ ධර්මය ඉක්මනින් හදාරා නිම කල නමුත් ඔවුන් බලාපොරොත්තු උන විමුක්තිය එහි නැතැ’යි ඔවුනට වැටහිය.

ඉක්බිති දෙදෙනා දෙපැත්තකට බෙදී වෙන්වී ගියේ කවරෙකුට හෝ මුලින් නව දහමක් දේශනා කරණ ශාස්තෘවරයෙකු මුණගැසුණ හොත් වහා අනෙක් තැනැත්තාටද දන්වන බවට කතිකා කරගගෙනය.

එක් දිනක උදෑසන සන්සුන් ගමනින් යුතුව පිඬු සිඟා වඬින සංසිදුණු පැවිදි ස්වමින් වහන්සේ නමක් දැක දුටු උපතිස්ස තුමා උන්වහන්සේ පසු පස ගොස් උවටැන් කොට දන් වළදා අවසානයේ “ඔබවහන්සේ තුල දක්නා ලැබෙන මේ සංසිඳිම කවර නම් ශාස්තෲවරයකු ඇසුරෙන් ලැබුවේද” යි ඇසීය. පසුව පස්වග තවුසන්ගෙන් එක් රහතන් වහන්සේ නමක් බවට පත් වූ අස්සජි මහා රහතන් වහන්සේගෙන් එක් බුදු බණ පද කිහිපයක් අසා සතුටට පත් වූ උපතිස්ස තරුණයා පසු බුද්ධ ශ්‍රාවකයෙකු වී පසුව තම මිත්‍රයා වන කොලිතත් සමග පිටත් විය. මෙ දෙදෙන සමගම පන්සියක් පිරිස බුදුන් වහන්සේ සොයා පිටත් විය. මෙම දෙදෙනාම බුදුරජාණන් වහන්සේගේ සමිපයට අවුත්ම, බුදුන් වහන්සේ උදානයක් පහල කල සේක, ගෞතම බුදු සසුන්ගේ අග්‍රශාවකයන් බවට පත් වෙන්නේ පැමිණෙන කොලිත සහ උපතිස්ස තරුණයන් බවය.

කොලිත තරුණයා මොග්ගල්ලාන ලෙසත් උපතිස්ස තරුණයා සාරිපුත්ත ලෙසත් බුදුන් වහන්සේ නම් කල සෙක, පසුව නවම් පොහොය දිනය වන විට දෙදෙනම අරහත්වයට පත් වූ හෙයින්, සම්බුද්ධ සාසනයට මහා මෙහෙවරක් කරන එක සංඛ කල්ප ලක්ශයක් විතර පෙරුම් පුරා පැමිණ අග්‍ර ශාවක පදවි රැග්න එන්න වූ මහා රහතන් වහන්සේලා දෙනමක් බවට පත් වූ බවට සඳහන් වේ.

සාරිපුත්ත මහා රහතන් වහන්සේ බුදුන් වහන්සේට පසුව මහා බලසම්පන්න රහතන් වහන්සේ නමක් ලෙස බුදුන් වහන්සේගේ නිතරම පැසසුමට ලක්වූ භික්ශ්වක් වන සාරිපුත්ත මහා රහතන් වහන්සේ, දෙවිලොව, බ්‍රහමලොව, මනුෂ්‍ය ලෝකය යන තුන් ලොකයම බුදුන් වහන්සේට පසුව ධර්මය බුදුන් වහන්සේ හා සමානව දේශනා කරන එකම බුද්ධ පුත්‍රයෙකු බවට පත් විය.

tiny globe
සැරියුත් තෙරැන්ගේ උපත හා පරිනිර්වාණය සිදුවූ නාලන්දාවේ පිහිටි සාරිපුත්‍ර ස්ථූපය.

බුදුරජාණන් වහන්සේගේ අනුදැනුම පිට සැරියුත් මහා රහත් තෙරණුවො බොහෝවිට ‍ධර්මය දේශනා කළ අතර අභිධර්මය දේශනාකිරීමේ දී දැක්වූ අති සමර්ථ භාවය සංඝයා තුලදිම ප්‍රකට කරමින්, බුදුන් වහන්සේ සාරිපුත්ත මහා රහතන් වහන්සේට ධර්මසේනාපති තනතුර පිළිගන්වනු ලැබුණි.

ධර්ම සෙනාධිපති තනතුර උන්වහන්සේට ලබන ගමන්ම, උන්වහන්සේගේ නිහතමාණි ගුණය බුදුන්ට දෙවැනි උනේ, රහතන් වහන්සෙලාගේ කුටි පවා පිරිසිදු කර, මහා සෙවාවක්, මහා පින්කම් රාශියක් උන්වහන්සේ රහත් භාවයට පැමිණිලත් පැවදි ජිවිතේ සිටිද්දිම කර ඇත.

සාරිපුත්ත මහා රහතන් වහන්සේ බුද්ධ සාසනය නගා සිටුවීමට කල සෙවාවන් බිදක්[සංස්කරණය]

එක් බත් සැන්දකින් තමන් වහන්සේට සංග්‍රහ කළ රාධ නම් දුප්පත් බමුණෙක් අතැවැසි භික්ෂුවක වශයෙන් පැවිදි උපසපන් කොට කමටහන් දියුණු කරවා රහත් බලයෙන් ලොවුතුරු නිවන් සුවය අත් කර දුන්හ.

නොදැනුවත් ව සැරියුත් හිමියන්ගේ සිවුරු කොනක් බිම ඇදෙනු දුටු සාමණේර භික්ෂුවක සැරියුත් හිමියන් අමතා ‘ස්වාමීනි ඔය සිවුරු කොන බිම ඇදෙනවා, එය ඔසවාගනු මැනැවැ’ යි කී කල්හි ‘සාමණේර උපදේශය මම ඉතා හොඳින් පිළිගනිමි’ යි පැවැසූ සැරියුත් හිමියෝ ‘වයසින් සත් හැවිරිදි සාමණේරයකු වුව ද මට දෙන උපදේශය මම සතුටින් පිළිගනිමි’ යි පැවැසීමෙන් සුවිනීත ගුණය ප්‍රකට කළහ.

එලෙස පමණක් නෙමේ වරක් කැවුම් ප්‍රශ්නයකදි, එක් භික්ශුවක් චොදනා මුඛයෙන් කැවුම් වලදන බව චොදනා එල්ල කර, එදායින් පසු කිසිදවසක සාරිපුත්ත මහා රහතන් වහන්සේ කැවුම් පිරිණිවන් පාණාතෙක්ම උන්වහන්සේ වලදා නැති බවත් සදහන්ය. ඒ විතරක් නෙමේ මනුශ්ශයන් මුන්වහන්සේගේ රූපයකයට වැද නමස්කාර කර දෙව්ලොව යන්න වරම් ලැබිය. එසේ නම් අද අපේ දැස් වලට දැකගන්න නොලැබෙන මේ රහතන් වහන්සෙලාට දානයක් දෙන්නවත් හිතක් පහල නොවෙන මිනිස්සුන්ට කෙසේ නම් බුදුන් වහන්සේ දකින්නද?

වරක් බුදුන් වහන්සේ සංඝයා අතර තව භික්ශුවක් මන්තානිපුත්ත රහතන් වහන්සේ නමක් ලස්සනට බණ කියනවා කියලා බුදුන් වහන්සේගේ ප්‍රශන්සාවට ලක් උනා, ඉන් පසුව, මේ බව දම් සෙනෙවි සාරිපුත්ත මහා රහතන් වහන්සේට ඇසුනා, ඒ සැණින්, භික්ශූ සංඝයා අමතලා වදාලා, ආයුශමතුනි, මට මන්තානිපුත්ත රහතන් වහන්සේ වැඩ වෙසෙනවානම් යම් තැනක් මට ඉක්මණින් දැනුම් දෙන්න, භික්ශු සංඝයාද එසෙය මහා රහතුන් වහන්ස ලෙස පවසා, දවසක් මහා සංඝයා මන්තානිපුත්ත මහා රහතන් වහන්සේ වැඩ වෙසෙන තැන සාරිපුත්ත මහා රහතන් වහන්සේට සැළ කල සිටියා, ඉන්පසුව, සාරිපුත්ත මහා රහතන් වහන්සේ උන්වහන්සේ ධර්ම දේශනා පවත්වන ස්ථානයේ අන් භික්ශුණ් වහන්සේලා වැඩ වෙසෙන ස්ථානයේ පසු පස කෙලවරක මන්තානිපුත්ත මහා රහතන් වහන්සේගේ ශ්‍රාවකයකු සේ උන්වහන්සේගේ අසලින් වැඩ සිටියා, එසේ වැඩ සිට, මන්තානිපුත්ත මහා රහතන් වහන්සේ ධර්ම දේශනාව අවසන් කල පසු සාරිපුත්ත මහා රහතන් වහන්සේ උන්වහන්සේ ලඟට වැඩම කලා, කරලා උන්වහන්සේගෙන් ප්‍රශ්ණ කිහිපයක් අසා සතුටට පත් උනා, ඉන් පසු මන්තානිපුත්ත මහා රහතන් වහන්සේට කුතුහලයක් ඇති උනා මේ උන්වහන්සේ කවුද කියන වග, ඉන් පසුව මන්තානිපුත්ත මහා රහතන් වහන්සේ සාරිපුත්ත මහා රහතන් වහන්සේගෙන් අසනවා අනෙ ඔබ වහන්සේ කවුද?, ඔබ වහන්සේ වැඩ සිටින්නේ කොහෙද? ගුරුවරයා කවුද?, එවිට සාරිපුත්ත මහා රහතන් වහන්සේ දෙශනා කරනවා අනෙ මට භික්ශූ සංඝයා අමන්ත්‍රනය කරන්නේ සාරිපුත්ත කියලා, එවිට මන්තානිපුත්ත මහා රහතන් වහන්සේට හින් දාඩිය දැම්මාලු, එවිට මන්තානිපුත්ත මහා රහතන් වහන්සේ දේශනා කරනවා, "අනෙ අපෙ සාරිපුත්ත මහා රහතන් වහන්සේ මන් වගේ නෙමේ නේ, බුදුන් වහන්සේ හැම දිස්සෙම ප්‍රශන්සාවට ලක් වෙන රහතන් වහන්සේ නමක්, සංඝයා අතර කෙලවර වැඩ සිටින රහතන් වහන්සේ නමක්, බුදුන් වහන්සේගේ දකුණු අග්‍ර ශාවක, ධර්ම සෙනාධිපති වැඩියයි කිව්වම මාව වෙව්ලන්න පටන් අරගෙන ස්වමිණි, අනෙ ඔබ වහන්සේ වැඩියයි කියලා කලින් දැනන් සිටියනම් මට බණ පැටලෙනවා" කියලා කිව්වාලු, මට ඔය වචන ටිකවත් එන්නේ නෑ ස්වමිණි කියලා උන්වහන්සේට ප්‍රශන්සා කලා ලූ, සාරිපුත්ත මහා රහතන් වහන්සේ ඒ තරම් නිහතමාණි ගුණයකින් යුතුව වැඩ සිටියා කියලා තමයි සදහන් වෙන්නේ.

මේ සාරිපුත්ත මහා රහතන් වහන්සෙ හට වන්දනා කිරිමෙන් පවා දෙව්ලොව සැප සම්පත් දිග හැරෙන බව එක කතාවක සදහන්ය, එනම් සාරිපුත්ත මහා රහතන් වහන්සේ වරක් ගමන් කරන විට එක්තරා පුංචි පිරිමි ලමුණ් කිහිප දෙනෙකුත් සහා ගැහැණු ලමයෙක් ක්‍රිඩා කරමින් සිටින අතරතුරදි සියලුම පිරිමි ලමුන් රහතුන් වහන්සේ දැක වන්දනා කරා, එහෙත් ඒ කුඩා ගැහැණු ලමයා වන්දනා කරේ නැ, ඉන් පසු රහතුන් වහන්සේ ක්ශ්ණයෙන් බැලුවා මේ පුංචි ගැහැණු ලමයා වන්දනා නොකරොත් කොහෙද උප්පැත්තිය ලබන්නේ කියලා, බැලුවම සසර අපායේ, උන්වහන්සේ බැලුවා භාවණාවෙන් බලෙන් වන්දනා කරගත්තොත් මේ ගැහැණු ලමයා කොහෙද උප්පැත්තිය ලබන්නේ පෙරෙත ලොකේ කියලා උන්වහන්සේට පෙනිච්ච නිසා, උන්වහන්සේ ලමුන් ටිකට කිව්ව, අර ගැහැණු ලමයව අරන් ඇවිල්ලා බලෙන් වන්දනා කරන්න කියලා, ලමුන් සෙරම ගිහිල්ලා ගැහැණු ලමයව බෙල්ලෙන් අල්ලගෙන ඇවිත් වන්දනා කෙරෙව්වා, ඊට පස්සෙ එ ගැහැණු ලමයා මිත්‍යා දුශ්ඨික තමන්ගේ අම්මයි තත්තාටයි අඩාගෙන ගොස් ඉන්දියාවේ බමුණු කුලේ අම්මටයි තත්තාටයි මේ බව ප්‍රකාශ කලත් ඔවුන්ට රහතුන් වහන්සේගෙ බල සම්පන්න භාවය නිසා ධර්ම සභා මණ්ඩපයට මේ පණිවිඩිය ගියේ නෑ, නමුත් බුදුන් වහන්සේ දන්නවා කුමක්ද සිද්ධ වුනේ කියා, නමුත් ටික කලකින් අර ගැහැණු ලමයා මැරුණා, මැරි පෙරෙත ලොකේ උපදුනා, ගැහැණු පෙරෙතිය, සාරිපුත්ත මහා රහතන් වහන්සේ කොහෙද ඉන්නේ කියා සොයා, උන්වහන්සේ ගාව ඇදගෙන වැටි "සාරිපුත්ත මහා රහතන් වහන්සේට වැන්ද නිසා අද මම පෙරෙත ලොකේ, අනෙ මට ඔබ වහන්සෙට වන්දනා කලොත් තව්තිසාවේ යන්න පුලුවන්, අනෙ මට ඔබ වහන්සේගේ ආශිර්වාදය ලබා දෙන සෙක්වා" කියලා ඉල්ලුවා, එවිට පෙරෙතිය ඒ පෙරෙත ආත්මෙන් මිදි තව්තිසාවේ ඉපැදුනා, මෙය අප්‍රකට කතාවක්, නමුත් සාරිපුත්ත මහා රහතන් වහන්සේට අත්දෙක එකතු කොට වැදිමෙන් මහත් ආනිසංස ලබා දෙන බවත් බුදුන් වහන්සේට වැදිමෙන් මහත්ඵල සහා මහත් ආනිසංස දෙකම ලැබෙන බව ධර්ම ප්‍රඤඤාවක් තියෙන කෙනෙකුට වැටහේ.

කෙසේ නමුත් සාරිපුත්ත මහා රහතන් වහන්සේගේ මේ සෙවාව අද ප්‍රකට කිරිම සදහා කිසිම රහතුන් වහන්සේ නමක් හො ස්වමිණ් වහන්සේ නමක් අප්‍රකට කතා උන්වහන්සේ ගැන භාවණාවෙන් උන්වහන්සේගේ චරිතය ගැන දේශනා කිරිමට අපොහොසත්වී ඇත, ඒ වෙනුවට උන්වහන්සේ අමතක වී ගොස් සාරිපුත්ත, මොග්ග්ල්ලාන, මහා කාශ්‍යප දෙදෙනාගෙන් තිදෙනාගෙන් සම්බුද්ධ සාසුන ලෙස පැවසුවත්, උන්වහන්සෙලා තුන්දෙනාට දානය දීම අමතක වී ඇත, ඒ නිසා මහා සංඝයා පිරිහෙමින් යන කාලයක මෙවැනි ලිපියක් ඔබට හසූ වීමද අති දුර්ලභය, බුදුන් වහන්සේගේ ත්‍රිපිටක තුල තිබෙන කරුණු අතරින් සාරිපුත්ත මහා රහතන් වහන්සේ ගැන තිබෙන කාරණා මෙපමණයි කිව නොහැක, උතුම් රහතන් වහන්සේ නමක් බව ත්‍රිපිටක දෙශනා පුරාවටම සාක්ශි දරයි.

සාරිපුත්ත මහා රහතන් වහන්සේගේ බුදුන් වහන්සේගේ කළ්‍යාණ දම් වැට.[සංස්කරණය]

පන්සිය පනස් ජාතක පොතේ බොසතාණන් වහන්සේට අප්‍රමාණ උදව් කරපු චරිතයක් ලෙස දකුණු සව් හැදින්විය හැක, බොසතුන් වහන්සේට පමණක් නෙමේ බොසත් භාර්‍යයවටද රාහුල කුමරුටද ආනන්ද තෙරුණවුටද සසරේ විවිධ භව වලදි පුදුම උපකාරයක් කර ඇත; ඒ පමණක් නෙමේ බොසතුන් වහන්සෙට සසරේ ප්‍රධානතම හසුවෙන ශ්‍රාවකයා වෙන්නේ මේ උන්වහන්සේ, සාරිපුත්ත මහා රහතන් වහන්සේ බුදුන් වහන්සේට දෙවැනි වූ ධර්ම නුවණක් හසු වෙන්න ප්‍රධානතම හෙතුව වන්නේ බොසතුන් වහන්සේව සසරේ හමුවී අසා ගත් ධර්මය පුහුණු කිරිම, දියුණු කිරිම, බණ භාවණා කිරිම, අන් අයට ධර්ම දේශනා කිරිම ආදි විවිධ පින්කම් කරගත් මහා ප්‍රභල රහතන් වහන්සේ නමක් වූ ගෞතම බුදුන් වහන්සේට හැම විශයකින්ම දෙවැනි වූ මෙ උන්වහන්සේ ලෙහෙසි පහසු ශ්‍රාවකයෙක් නොවේය.

වරක් බොසතුන් වහන්සේටද අතහැර ගැනීමට නොහැකි දේ සාරිපුත්ත මහා රහතන් වහන්සේ අතහැර තිබෙනවා, ඒ වගෙම බොසතුන් වහන්සේ අතහැරපු දේ සාරිපුත්ත මහා රහතන් වහන්සේද උත්සහා කර තිබෙනවා අතහැර ගන්න, එවැනි කළ්‍යාණ මිතුදමකින් ගොඩනැගුණු උන්වහන්සේ, බුදුන් වහන්සේට වන්දනා කොට අවසානයේදි සාරිපුත්ත මහා රහතන් වහන්සේ එර්දි ප්‍රාථිහාර්‍යය කරමින් බුදුන් වහන්සේ අවසන් වතාවට වන්දනා කර, පිටත් වී යන්නේ සසරේ ආපු දුර නිවා පිරිණිවී යන්න. එවැනි යන ගමණේද බුදුන් වහන්සේව සංවේදනයට පත් කල එකම රහතන් වහන්සේ නම ලෙස බුද්ධ ඉතිහාසයේ රන් අකුරෙන් ලියවුනේ උන්වහන්සේගේ අවසන් සිංහනාදයත් සමගමය.

මුගලන් මහා රහතන් වහන්සේ හා සාරිපුත්ත මහා රහතන් වහන්සේ අතර තිබු කල්‍යාණ මිතුදම[සංස්කරණය]

බුදුන් වහන්සේට පසුව සාරිපුත්ත මහා රහතන් වහන්සේට ගොඩක් උපකාර කරපු දෙවැනි මිත්‍රයා වුනේ මුගලන් මහා රහතන් වහන්සේ, කොලිත, උපතිස්ස ලෙස ඉන්දියාවේ ප්‍රසිද්දියට පත් මේ දෙදෙනා ගිහි කල මේ ලොකෙට පහල වෙන අවස්ථාවෙද දෙදෙනා වෙන් වි සත්‍ය ධර්මය සොයා යන්නේ දෙදෙනාගේ සිත දියුණු වී ඇති මට්ටම ලොකෙට පිලිඹිබු කරගෙනමය, සත්‍ය ධර්මයක් හසු වූ විට අනෙකාට ඇවිත් කියන බව පොරොන්දු දී දෙදෙනා වෙන් වෙන්නේ ඉතාම සතුටින්, එලෙසම උපතිස්සට අස්සජි මහා රහතන් වහන්සේ හමු වීමත් සමග, උපතිස්සට ධර්ම මාරගය විවෘත වූ පසුව එතුමන් කොලිතට මේ දහම් කරුණ පැවසුවේ ඉතාමත් සතුටින්ය. එවැනි මහා ශ්‍රාවකයන් ගැන ඉතිහාසයේ මුල් වරට නියත විවරණ ගන්නේ අනොමදස්සි සහා පදුමුත්තර බුදුන් වහන්සෙලාගෙන්ය, සාරිපුත්ත මහා රහතන් වහන්සේ එකල බ්‍රහමණයක් වී ශිශ්‍යයො ලක්ශයකට උගන්වපු ගුරුවරයෙකු වූ ඔහු, බුදු කෙනෙකු එනවා දැක තමන්ගේ සිසුන් සියලු දෙනාට තමන්ව වැලී කැටයට උපමාකොට බුදුන් වහන්සේව ලොකේ තිබෙන විශාලම කන්දට උපමා කොට සියලූ සිසුන්ට බුදුන් වහන්සේ කෙරෙහි ආදරය ගෞරවය භක්තිය විශ්වාසය ඇති කරපු පිනෙන් දස දහස් සක්වලම හෙල්ලු මේ බ්‍රහමණ උත්තමයො බුදුන් වහන්සේට තම සිසුන් සැදු මල් කුඩයක් දවස් හතක් තිස්සේ නොසෙල්වී අල්ලගෙන සිටි සෙක, තමන්ගේ ප්‍රාථ්නාව සඵල වූ මේ බ්‍රහමණයාගේ සිත දැක බුදුන් වහන්සේ නියත විවරණයක් ලබා දීමට සුදුසු වෙලාව ඇවිදින් ලෙස සිතා, ඊට කලියෙන් දස දහසක් පොලොව සොලවා එකල වැඩ සිටි අග්‍ර ශාවක දෙනම පහල වී මේ බ්‍රහමණයාට පුදූම උපකාරයක් කරන්නේ මේ ලොකේට ප්‍රභල රහතන් වහන්සේ නමක් නිර්මාණය කිරිමෙන්ය. එතැනින් පටන් ගත් මේ බ්‍රහමණයා, ඒ ආත්මෙන් මිදි, තවද සසරේ මහා පින්කම් කොට, ඔහුගේ අවසාන භවයෙදි සියලු කෙලෙසුන් නසා උතුම් දම් සෙනෙවි සාරිපුත්ත මහා රහතන් වහන්සේ ලෙස ගෞතම බුදු සසුනේ බුද්ධ ශ්‍රාවක සංඝයා අතර ප්‍රකට ප්‍රභල රහතන් වහන්සේ නමක් හැටියට උන්වහන්සේ වැඩ සිටියේය.

මුගලන් මහා රහතන් වහන්සේද සැරියුත් මහා රහතන් වහන්සේ ගැනද අප්‍රමාණ කතා ත්‍රිප්ටකයේ සදහන් වේ, එසේ කතා වලින් කෙටියෙන් සදහන් කලොත් සාරිපුත්ත මහා රහතන් වහන්සේට යක්ශයෙක් ඇවිදින් හිසට ප්‍රහාරයක් එල්ල කිරිම, නමුත් සාරිපුත්ත මහා රහතන් වහන්සේට එය නොදැනිම, මුගලන් මහා රහතන් වහන්සේ ඒ සිද්ධිය මනාව දැකිම, තවද, මුගලන් මහා රහතන් වහන්සේ සහා සැරියුත් මහා රහතන් වහන්සේ ධර්ම දේශනා කරන විට මුගලන් මහා රහතන් වහන්සේ භික්ශූ සංඝයාගේ සිත පරේශනය සහා ගවෙශනය කිරිම, සැරියුත් මහා රහතන් වහන්සේ එසැනින් ධර්ම දේශනා කිරිම ආදි මහා සෙවාවක් සසර සත්වයො නිවිම සැනසීම නිදහස් කිරිම යන මහා කර්ථව්‍යයක් මේ දෙදෙනා බුදු සසුන තුල බුදුන් වහන්සේ නායක රජු කරගෙන ආශ්චර්‍යයමත් සෙවාවක් මේ දේදෙනා ගෞතම සම්බුදු සසුන තුල සිද්ධ කරගනු ලැබුවා.

පරිනිර්වාණය[සංස්කරණය]

බුදුන් වහන්සේගේ කිර්තියට පත් එකම මහා රහතන් වහන්සේ බවට පත් වූයෙද සාරිපුත්ත මහා රහතන් වහන්සේය. ඒ විතරක් නෙමේ, බුදුන් වහන්සේගෙන් පිරිණිවිමට අවසර ලබාගත් මහා සාරිපුත්ත රහතන් වහන්සේ තමන් ගිහිකල කුඩාකල අම්මා කිරි කර පෙවු කිරි වල ණය ගෙවා තමන්ගෙම අම්මා සසරෙන් එතෙර කරවිය. සැරියුත් මහා රහතන් වහන්සේට සහොදර සහොදරියො හිටි අතර, උන්වහන්සේ පැවිදි ජිවිතයෙදි උපස්ථායක භික්ශුවක්ද සිටියේය. එලෙස නතර වෙන්නේ නැ මෙ උන්වහන්සේ, ධර්ම සෙනාධිපති සැරියුත් මහා රහතන් වහන්සේගේ දාතුන් වහන්සේද රැගෙන ආ නන්ද තෙරුන් වහන්සේ ආනන්ද තෙරුන් වහන්සේට සාරිපුත්ත මහා රහතන් වහන්සේ පිරිණිවන් පැවා යන අදහස දැනුවු පසු ඉතාමත් ශෝකයට පත් ආනන්ද තෙරුන් බුදුරජාණන්වහන්සේට එම ප්‍රවෘත්තිය දැන්වීය. ඒවිට බුදුන් වහන්සේ ආනන්ද තෙරුණුවොට පවසා සිටියේ මාගේ දැතට ඒ මහා රහත් සාරිපුත්ත මහා රහතන් වහන්සේගේ දාතුන් වහන්සේ ලබා දෙන සෙක්වා යන අදහස බුදු මුවෙන් දේශනා කලේය...මහා සංඝයා අතර අති මහත් ප්‍රභල රහතන් වහන්සේ නමක් බවට පත් වූ සාරිපුත්ත මහා රහතන් වහන්සෙගේ දාතුන් වහන්සේද බුදුන් වහන්සේගේ ශ්‍රි හස්තයෙන් ස්පර්ශ වී ගියේය.

සාරිපුත්ත මහා රහතුන් වහන්සේගේ පිරිණිවීම ආශ්චර්‍යමත් සිදුවීමක් වන අතර දෙවිවරු බ්‍රහම වරුන්ගෙන් වැදුම් පිදුම් ලැබු අතර, මහා පොලොවද බුදුන් වහන්සේට පසුව නමස්කාර කරපු එකම රහතන් වහන්සේ බව ඉතිහාසයට එක් වුයෙය..

සිංහනාදය[සංස්කරණය]

සාරිපුත්ත මහා රහතන් වහන්සේගේ අවසන් සිංහනාදය මෙසේ විය "මා හැම විශයකින්ම බුදුන් වහන්සේට දෙවැනි වුනේය, බුදුන් වහන්සේට පසුව මා බුදුන් වහන්සෙගේ දෙවැනි වු ප්‍රඤඤාවකට හිමි කම් කියන්නේය, එලෙස කියන මට පසුව තවත් මාව පසු කරගෙන ප්‍රඤාවකට යන්න බුදුන් වහන්සේ හැරුණු කොට වෙන කිසි කෙනෙකු නැත්තෙමය" මෙ වදන් කිහිපය සැරියුත් මහා රහතන් වහන්සේගේ මුව මඩලින් ප්‍රකාශ කරද්දි, අහස පොලොව දෙදුරුන් දී ඒ බව සනාථ කල බව ත්‍රිපිටක පොතේ සදහන්ය.